Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
News
ඇමසන් වනාන්තරයේ සිටින ඇනකොන්ඩාවෙකු දැක්වෙන වීඩියෝවක්.
මෙම වීඩියෝව AI නැතහොත් කෘතීම බුද්ධි තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කරන ලද්දකි.
කෙනෙක් හෙලිකොප්ටර් යානාවක සිට බලන විට ඔවුන්ට ඇමසන් වනාන්තරයේ ගංගාවක සිටින ඇනකොන්ඩාවෙකු පෙනෙන තත්පර 7ක වීඩියෝවක් මේ දිනවල වයිරල් වෙමින් පවතී. @earth_wanders නමැති TikTok පිටුවක් මෙම වීඩියෝව බෙදාගනිමින් ඉංග්‍රීසියෙන් පැවසුවේ, “ඇමසොනයේ ඇති විශාල ඇනකොන්ඩාවෙක්” (“Giant anaconda in the Amazon”) යනුවෙනි.
Newschecker අපට මෙම වීඩියෝව TikTok සහ Facebook හි වැඩියෙන් දක්නට ලැබුණි. මෙම වීඩියෝව මෙතනින්, මෙතනින්, සහ මෙතනින් අපට සොයාගත හැකි විය.
මෙම වීඩියෝව වයිරල් නිසා සහ ඇනකොන්ඩාවන් දක්නට ලැබීම දුර්ලභ නිසා Newschecker අපි මෙහි සත්‍ය/අසත්‍ය බව සොයාබැලීමට තීරණය කළෙමු.
අපට වීඩියෝවේ ඇනකොන්ඩාවට හිස් දෙකක් ඇති බව සහ අවට ඇති කඳු ආදිය නොපැහැදිලි බව (blurry) ද අපි දුටුවෙමු. Reverse image search එකක් හරහා වීඩියෝවේ යතුරු රාමු කිහිපයක් අපි පරීක්ෂා කළ ද අපිට මෙය කිසි විශ්වාසවන්ත මාධ්‍යයක දක්නට නොලැබුණි.
මේ නිසා වීඩියෝව AI/කෘතීම බුද්ධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද එකක්ද යන්න අපි Hive Moderation සහ WasItAI ක්‍රම හරහා පරීක්ෂා කළෙමු.
Hive Moderation වීඩියෝව AI නිර්මාණයක් වීමට 97.4% ක සම්භාවිතාවක් ඇති බව අපට දැක්වීය.
WasItAI වීඩියෝව AI යොදාගෙන නිර්මාණය කරන ලද්දක් බව මහත් විශ්වාසයකින් (“quite confident”) අපට දැක්වීය.
ඇමසන් වනාන්තරයේ ඇති විශාල ඇනකොන්ඩාවෙකු දැක්වෙන වයිරල් වීඩියෝව AI යොදාගෙන නිර්මාණය කරන ලද්දකි.
Hive Moderation
WasItAI