Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

‘තම්බිලාට’ නැතහොත් මුස්ලිම් ජනතාවට ‘වැඩිය දඟලන්න එපා’ යනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක පවසනවා පෙන්වන TikTok වීඩියෝ සටහනක්
මෙම සටහන අසත්‍ය වේ. මෙම වීඩියෝ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇත.
මේ දිනවල TikTok හි වයිරල් වෙමින් ඇති වීඩියෝවක ජනපති අනුර කුමාර දිසානයක මෙසේ කතා කරන බව පෙන්වයි: “තම්බිලා වැඩිය දඟලන්න එපා. අපි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න තමයි රට බාර ගත්තේ. මගෙත් ජාතිය සිංහල.”

‘තම්බි’ යන වචනය මුස්ලිම් ජනතාව පිළිබඳව කතා කිරීමට යොදාගන්නා අපහාසාත්මක වචනයක් නිසා, එය මෙම TikTok වීඩියෝවේ පෙන්වන පරිදි නිල අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවක දිසානායක නොමනා විදියට පාවිච්චි කරනු ඇත් ද යන්න Newschecker අපට සැක සහිත විය.
මේ නිසා වීඩියෝවේ සත්‍යය සොයා බැලූ අපට පෙනීගියේ එය AI යොදා ගෙන නිර්මාණය කර ඇති අසත්‍ය එකක් බවයි.
අපි පළමුවෙන්ම දිසානායක ලංකාවේ මුස්ලිම් ජනගහනය පිළිබඳව මීට සමාන ප්‍රකාශයක් කර ඇත් ද යන්න සොයා බැලූ අතර ඔහු එසේ කිසිවක් කියා නැති බව අපට අනාවරණය විය.
වීඩියෝවේ keyframes කිහිපයක් Google Reverse Image Search හරහා සොයා බැලූවිට ඔහු මීට සමාන ස්ථානයක සිට සාකච්ඡා පවත්වා ඇති බව අපට මෙවැනි සහ මෙවැනි අවස්ථාවලින් පෙනී ගියත්, එවැනි අවස්ථා මේ වීඩියෝවේ තේමාවට අදාළ නොවන ඒවා වේ.
අපි මේ TikTok වීඩියෝ කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන නිර්මාණය කරන ලද ඒවාද යන්න සොයා බැලුවෙමු.

2. Image Whisperer දැක්වූයේ මෙහි video කොටස AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

3. SightEngine දැක්වූයේ මෙය 99%ක් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

4. HiveModeration දැක්වූයේ මෙය 99.3%ක් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

NPP පක්ෂයෙන් පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකම දිනා ජනාධිපති වශයෙන් 2024දී අනුර කුමාර දිසානායක බලයට පත් විය. ඔහු බලය පත්වීමට පෙර කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශවල ලංකාවේ සියලු ජනයාට (සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, සහ අනෙකුත්) එකම අයිතිවාසිකම් නොඅඩුව ලබාදෙන බවට ඔහු ප්‍රකාශ කළේ ය. ඔහුගේ දීර්ඝ දේශපාලන වෘත්තීය ජීවිතයේ ඔහු ‘තම්බි’ යන වචනය යොදාගෙන ඇති අවස්ථා නැති තරම් වේ. ඒ අනුව, මේ TikTok එකේ ප්‍රකාශ කිරීම පිළිබඳව අපට සැකයක් ඇති විය.
‘තම්බිලාට’ නැතහොත් මුස්ලිම් ජනතාවට ‘වැඩිය දඟලන්න එපා’ යනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක පවසනවා පෙන්වන TikTok වීඩියෝ සටහන අසත්‍ය වේ. මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇත.
FAQs
Q1. ‘තම්බි’ යන වචනයේ තේරුම කුමක් ද?
මෙම වචනයේ ශබ්දකෝෂ තේරුම ‘මල්ලි’ නමුත් බොහෝ දෙනා එදිනෙදා මෙය අපහාසාත්මක ලෙස ලංකාවේ සියලු මුස්ලිම් ජනතාවට කතා කිරීමට පාවිච්චි කරති.
Q2. මෙම සිද්ධිය ඇත්ත වශයෙන් සිදුවූ දෙයක් ද?
නැත.
Q3. මෙම වීඩියෝව අසත්‍ය බව අප සොයාගත්තේ කෙසේ ද?
HiveModeration, Image Whisperer සහ SightEngine හරහා
Our Sources
WasItAI කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
SightEngine කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
Image Whisperer කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය

Pramodha Weerasekera
March 30, 2026

Pramodha Weerasekera
March 14, 2026

Pramodha Weerasekera
February 28, 2026