Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

ජනපති අනුර කුමාර දිසානායක ත්‍රීවීල් සම්බන්ධයෙන් ‘ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවෙලා’ යැයි පවසන සටහනක්
මෙම සටහන නොමග යවන සුළුයි. මෙය දිසානායක 2020 වසරේ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමුළුවේ කරන ලද කතාවකින් උපුටා ගන්නා ලද කොටසකි.
TikTok සටහනක් මේ දිනවල ජනපති අනුර කුමාර දිසානායක මෙසේ කතාකරනු පෙන්වයි: “420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීල් එකක් 930,000 ට විකුණලා එක ත්‍රීවීල් එකකින් ආණ්ඩුව 510,000 ක ආදායමක් හොයනව. ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවෙලා.”
අපට මෙම සටහන Facebook හරහා ද මෙතනින් සහ මෙතනින් සොයාගත හැකි විය.



මෙම සටහනේ ඇති වීඩියෝවට අනුව දිසානායක තමන්ගේ ම ආණ්ඩුව විවේචනය කරන මෙන් පෙන්වෙන නිසා, Newschecker මෙහි නිරවද්‍ය බව සොයා බැලීමට තීරණය කළෙමු. අපට මෙම සටහන නොමග යවන සුළු බව අනාවරණය විය.
මේ වීඩියෝවේ දිසානායක ආණ්ඩුව විවේචනය කරමින් රියදුරන්ගේ පැත්තෙන් සිය අදහස් ඉදිරිපත් කරන බව අපට පෙනී ගියේ ය. ඊට අමතරව, ඔහු කතාවේදී ත්‍රීවීල් රියදුරු වෘත්තීයෙන් රටේ ජනගහනයෙන් “ලක්ෂ 10කට වඩා ප්‍රමාණයක් යැපෙන” බව පවසයි. ඊට අමතරව, ඔහු රටේ ත්‍රීවීල් එකක්, “ඉන්දියාවේ නිෂ්පාදන වියදම, වරාය ගාස්තු, නැව් ගාස්තු, කොම්පැණියේ ලාභය යන ඔක්කොම තියාගෙන, රුපියල් 420,000 කට අලෙවි කරන්න පුළුවන්,” යනුවෙන් පවසයි. ඊට පසු, ඔහු, ආණ්ඩුව එවැනි මුදලකට ත්‍රීවීල් අලෙවි නොකර 930,000 කට අලෙවි කිරීම මාෆියාවක් යයි පවසයි.
2. Google හරහා keyframes කීපයක් යොදා ගනිමින් ප්‍රතිලෝම රූප සෙවීමක් (reverse image search) එකක් කළ විට අපට හමු වූයේ 2020 ජූලි 5 NPP Sri Lanka නිල Facebook ගිණුමේ දිසානායක මේ වචන කිහිපය තම කතාවකදී වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමුළුවේ පැවසු ආකාරයයි. මෙම වීඩියෝව මෑත කාලීන කිසිදු සිදුවීමකින් ගත් එකක් නොවන අතර, වත්මන් රජය ගැන සඳහන් නොකරයි. මෙම වයිරල් සටහනේ දැක්වෙන ප්‍රකාශය දිසානායක විනාඩි 10 තත්පර 15 කදී විස්තර කිරීමට පටන් ගනී.

ලංකාවේ වෘත්තීය ත්‍රීවීල් රියදුරන් සහ හයර් ආණ්ඩුව මැදිහත් වී විධිමත් ලෙස පාලනය නොකරන නිසා ත්‍රීරෝද රථ සංගම් යම් අවස්ථාවලදී රියදුරන්ගේ කණස්සල්ලන් ගැන කතා කිරීමට සමුළු සංවිධානය කරති. 2020 දී මෙම සමුළුව සංවිධානය කළ තිබුණේ ඒ වසරේ COVID-19 වසංගතය නිසා ත්‍රීරෝද රථ රියදුරන්ට සිදුවූ අපහසුතා පිළිබඳව සාකච්ඡා කිරීමට බවත් එහි විශේෂ කතාවක් පැවැත්වීමට දිසානායකට ආරාධනා කළ බවත් අපට සම්පුර්ණ වීඩියෝව බලද්දී අනාවරණය විය. ඔහු මෙහිදී එකල පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ත්‍රීරෝද රථ රියදුරන්ට අසාධාරණ ලෙස සලකන විධි කිහිපයක් පෙන්වා දෙයි: 1) අධික බදු බර, 2) ලීසිං මිල ත්‍රීරෝද රථයේ සත්‍ය මිලට වඩා වැඩි වීම, සහ 3) වෘත්තීය ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් රටට ලැබෙන ආදායම අමතක කිරීම. විශේෂයෙන් ම COVID-19 වැනි තත්ත්වයකදී මෙසේ ත්‍රීරෝද රථ රියදුරන්ට සැළකීම වැරදි බව දිසානායක පෙන්වා දෙයි.
3. මීට අමතරව, එදින ම, දිසානායකගේ නිල Facebook පිටුව හරහා ද මෙම වීඩියෝව සංසරණය කර ඇත.

වීඩියෝව දැන් එහි මුල් සන්දර්භය නොමැතිව නැවත බෙදා ගැනෙමින් පවතින බව අපට එතනින් අනාවරණය විය.
ලංකාවේ ත්‍රීරෝද රථ රියදුරන් බොහෝ විට තම අයිතීන් වෙනුවෙන් ත්‍රීරෝද රථ සංගමය හරහා පෙනී සිටිති. වසර කිහිපයකට වරක් ඔවුන් විසින් සමුළුවක් සංවිධානය කරනු ලබන අතර, එයට බොහෝ විට දේශපාලඥයින් සහභාගී වේ. මේ අවස්ථාව වත්මන් ජනපති දිසානායක තනතුරට පත්වීමට වසර 4කට පෙර එම සමුළුවේදී කරන ලද කතාවකි.
ජනපති අනුර කුමාර දිසානායක ත්‍රීවීල් සම්බන්ධයෙන් ‘ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවෙලා’ යැයි පවසන සටහන නොමග යවන සුළුයි. මෙය දිසානායක 2020 වසරේ වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමුළුවේ කරන ලද කතාවකින් උපුටා ගන්නා ලද කොටසකි.
FAQs
Q1. මෙම සමාජ මාධ්‍ය සටහනේ දිසානායක පවසන්නේ කුමක් ද?
“420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීල් එකක් 930,000 ට විකුණලා එක ත්‍රීවීල් එකකින් ආණ්ඩුව 510,000 ක ආදායමක් හොයනව. ලීසිං මාෆියාවට ආණ්ඩුව යටවෙලා.”
Q2. මෙම සිද්ධිය ඇත්ත වශයෙන් සිදුවූ දෙයක් ද?
ඔව්.
Q3. මෙම සිද්ධිය කවදා සිදු වූ එකක් ද?
2020 ජූලි 20 වන දින වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ගේ සමුළුවේ
Our Sources
NPP Sri Lanka නිල Facebook පිටුව
අනුර කුමාර දිසානායකගේ නිල Facebook පිටුව

Pramodha Weerasekera
July 9, 2026

Pramodha Weerasekera
March 30, 2026

Pramodha Weerasekera
March 14, 2026