Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2025 වර්ණ සම්මාන උළෙලේදී තමන්ට වුණු අසාධාරණය ගැන කතා කළ චනිත්මා සිනලි සිසුවිය පෙන්වන TikTok වීඩියෝ සටහන්
මෙම සටහන් අසත්‍ය වේ. මෙම සිද්ධිය සත්‍ය වූවත්, මෙම වීඩියෝ එය නව කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇති අර්ථකථනවලින් පෙන්වති.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවතුණු 2025 වර්ණ සම්මාන උළෙලේදී චනිත්මා සිනලි නමැති සිසුවියක් තමන්ට හිමිවීමට තිබූ පාසලේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය (Most Outstanding Sportswoman Award) වෙනත් සිසුවියකට පාසල විසින් ලබාදීම නිසා උළෙලේදී සභාව ඉදිරිපිට තමන්ට වුණු අසාධාරණය ගැන කතා කළා ය. කතාව වීඩියෝවකින් වර්ණ සම්මාන උළෙලට දින කීපයකට පසුව මාධ්‍යවල වයිරල් වී ඇති අතර බොහෝ දෙනා සිසුවියගේ දක්ෂතාවය සහ කතා කිරීමේ හැකියාව අගය කරති.
අපට TikTok හරහා මෙම සිසුවිය කරන ලද කතාව යනුවෙන් දක්වා ඇති වීඩියෝ සටහන් දෙකක් හමුවිය. TikTok සටහන් මෙතැනින් සහ මෙතැනින්.


මෙම TikTok වල සිසුවියගේ පාසල් ඇඳුම සහ වීඩියෝ දෘෂ්ටිකෝණ (angle) වෙනස් නිසා ඒවා සත්‍ය වීඩියෝ ද යන්න Newschecker අපි සොයා බැලුවෙමු. මෙම වීඩියෝ AI යොදා ගෙන නිර්මාණය කර ඇති අසත්‍ය ඒවා බව අපට අනාවරණය විය.



සත්‍ය වීඩියෝවේ ඇය පිටුපස තවත් සිසුවියන් සහ ගුරුවරුන් සිටින නමුත්, එක TikTok වීඩියෝවක ඇගේ පිටුපස වේදිකාවේ කිසිම කෙනෙක් නොසිටින අතර, අනෙක් වීඩියෝවේ ඇගේ පිටුපස සිටින්නේ සභාව/ප්‍රේක්ෂකයන් ය. ඇගේ ඇඳුමේ ඇති පාසැල් ලාංඡනය ද TikTok වීඩියෝ දෙකේ වැරදි ආකාරයට පෙන්වා ඇත.
2. මේ වෙනස්කම් නිසා අපි මීට පසුව මේ TikTok වීඩියෝ කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන නිර්මාණය කරන ලද ඒවාද යන්න සොයා බැලුවෙමු.
පළමුවෙනි වීඩියෝව
WasItAI දැක්වූයේ මෙහි බොහෝ කොටස් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

SightEngine දැක්වූයේ මෙය 93%ක් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

දෙවැනි වීඩියෝව
Image Whisperer දැක්වූයේ මෙය AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

SightEngine දැක්වූයේ මෙය 99%ක් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.

3. තව ද, මේ වීඩියෝවේ සිසුවියගේ කතාව ද වෙනස් කර ඇති බව අපි සොයගත්තෙමු. එහි ඇය “පාසලක් යනු විදුහල්පතිගේ සහ හෙන්චයියන්ගේ බූදලයක් නොවේ” යනුවෙන් පවසන නමුත් සත්‍ය footage එකේ ඇය එසේ පවසනු දක්නට නොලැබේ. අනෙක් වීඩියෝවේ ඇගේ කතාව නිවැරදි ලෙස voiceover එකක් හරහා දක්වා ඇත.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවතුණු 2025 වර්ණ සම්මාන උළෙලේදී චනිත්මා සිනලි තමන්ට හිමිවීමට තිබූ පාසලේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය වෙනත් සිසුවියකට පාසල විසින් ලබාදීම නිසා උළෙලේදී සභාව ඉදිරිපිට තමන්ට වුණු අසාධාරණය ගැන කතා කළා ය. සිසුවිය පැවසුවේ ඇය පාසල සහ රට නියෝජනය කරමින් නොයෙකුත් ක්‍රීඩා උත්සව සහ තරඟවලට සහභාගී වී තිබුණත් පාසල් විදුහල්පතිනිය ඇය එක් පෙරපුහුණුවකට (rehearsal) නොපැමිණි නිසා මෙම කුසලානය වෙන සිසුවියකට දුන් බවයි. මේ පිළිබඳව විස්තර මෙතැනින් සහ මෙතැනින්.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2025 වර්ණ සම්මාන උළෙලේදී තමන්ට වුණු අසාධාරණය ගැන කතා කළ චනිත්මා සිනලි සිසුවිය සම්බන්ධ මේ සිද්ධිය සත්‍ය වූවත්, මෙම TikTok වීඩියෝ සටහන් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇත.
FAQs
Q1. චනිත්මා සිනලි සිසුවිය මේ අවස්ථාවේ කතා කරන්නේ කුමක් ගැන ද?
ඇයට අනුව ඇයට ලබා දීමට තිබූ පාසලේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ඇයට නොලැබීම ගැන.
Q2. මෙම සිද්ධිය කුමන පාසලේ සිදුවූ දෙයක් ද?
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ
Q3. මෙම කතාව පෙන්වන බව කියන TikTok වල වයිරල් ඉහත පෙන්වා ඇති වීඩියෝ සත්‍ය ඒවා ද?
නැත. ඒවා AI විසින් ජනනය කර ඇත.
Our Sources
‘රටම කතාවෙන සිරිමාවෝ දියණියගේ සිද්ධියේ අවසානයේ සිදු වූ දේ’, HiruNews YouTube නාලිකාව, 2025 දෙසැම්බර් 21
WasItAI කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
SightEngine කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
Image Whisperer කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය

Pramodha Weerasekera
January 10, 2026

Pramodha Weerasekera
September 13, 2025

Pramodha Weerasekera
May 21, 2025