Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
ඇල්ල-වැල්ලවාය බස් අනතුර පෙන්වන දර්ශන සහිත වයිරල් වීඩියෝ
ඇල්ල-වැල්ලවාය බස් අනතුර පෙන්වන දර්ශන සහිත වයිරල් වීඩියෝ කිහිපයක් AI (කෘත්‍රීම බුද්ධිය) යොදාගෙන නිර්මාණය කරන ලද අසත්‍ය ඒවා බව AI detector ක්‍රම පෙන්වා දෙයි.
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ බස් රථයක් අඩි 100 ක ප්‍රපාතයකට පෙරළීමෙන් පසු අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගිය ඛේදජනක බස් අනතුර සමාජ මාධ්‍යවල ප්‍රධාන කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇත. බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අනතුර පෙන්වන බව පවසමින් වීඩියෝ කිහිපයක් බෙදා ගනිමින් සිටිති. කෙසේ වෙතත් මේවා AI මගින් ජනනය කරන ලද ඒවා බව Newschecker විසින් සොයාගෙන ඇත.
2. WasItAI මෙම වීඩියෝවේ ඇති බසය විශේෂයෙන්ම AI විසින් නිර්මාණය කරන ලද බව “ඉතා විශ්වාසයෙන් යුතුව” (“quite confident”) පවසයි.
මෙම TikTok එක 2002 සැප්තැම්බර් 5 වන දින ඇල්ල-වැල්ලවාය මාර්ගයේම 2025 සැප්තැම්බර් 5 වන දින සිදු වූ අනතුරට සමාන රිය අනතුරක් සිදු වූ බවත්, බස් රථයක ගමන් කළ මගීන් 21 දෙනෙකු පමණ මිය ගිය බවත් පවසයි. මෙය සත්‍ය තොරතුරකි.
මෙම TikTok එකේ ශීර්ෂ පාඨය 2002 බස් අනතුර “වසර 29 කට පෙර” යැයි පැවසුවද, ග්‍රැෆික් එක “වසර 23 කට පෙර” යැයි පවසයි. දෙවැන්න නිවැරදි යි.
කෙසේ වෙතත්, අනතුරු දෙකම දැක්වීමට භාවිතා කරන ඡායාරූප අසත්‍ය සහ AI වේ.
2. HiveModeration මෙම දර්ශන 93.4% AI විසින් නිර්මාණය කරන ලද ඒවා බව පවසයි.
2. SightEngine මෙම දර්ශන 99% AI විසින් නිර්මාණය කරන ලද ඒවා බව පවසයි.
2025 සැප්තැම්බර් 5 වන දින ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් අඩි 1000ක් පමණ ගැඹුරැති ප්‍රපාතයකට පෙරළී බස් රථයේ රියදුරු ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි විය. මෙම බස් අනතුර අවුරුදු කීපයකට පසු ලංකාවේ සිදුවුණු ඛේදජනක ම රිය අනතුරක් වන අතර, බස් රථයේ ගමන් ගත අය නුවර එළියේ සිට විනෝද චාරිකාවකට සම්බන්ධ වූවන් ය.
ඇල්ල-වැල්ලවාය බස් අනතුර පෙන්වන දර්ශන සහිත වයිරල් වීඩියෝ කිහිපයක් AI (කෘත්‍රීම බුද්ධිය) යොදාගෙන නිර්මාණය කරන ලද අසත්‍ය ඒවා බව AI detector ක්‍රම පෙන්වා දෙයි.
FAQs
Q1. වයිරල් වීඩියෝවල ඇත්තටම ඇල්ල-වැල්ලවාය බස් අනතුර පෙන්වනවාද?
නැත. මෙම වීඩියෝ තුනම AI විසින් නිර්මාණය කරන ලද ඒවා වේ.
Q2. ඇත්ත වශයෙන්ම බස් අනතුර අතරමැද ගන්නා ලද වීඩියෝ තිබේ ද?
නැත. Newschecker අපට මෙවැනි වීඩියෝ සොයාගත නොහැකි විය.
Q3. මෙම වීඩියෝ AI බව තහවුරු කළේ කුමන AI detector ක්‍රම ද?
SightEngine, WasItAI, HiveModeration
Our Sources
SightEngine
WasItAI
HiveModeration