Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
News
මෙම වීඩියෝව රූගත කරමින් සිටි ගුවන් සේවිකාව මෑතකදී අහමදාබාද්හි සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මිය ගියා ය.
මෙම වාර්තාව අසත්‍යයකි. වීඩියෝවේ සිටින ගුවන් සේවිකාව යෂස්වි ෂර්මා නම් වන අතර, ඇය ජීවතුන් අතර සිටින බව ෂර්මා සහ පිළිගත් මාධ්‍යජාල තහවුරු කර තිබේ.
අහමදාබාද්හිදී ගුවන් ගත වී ටික වේලාවකට පසු කඩා වැටුණු අවාසනාවන්ත එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ගුවන් සේවිකාවක් පෙන්වන බව කියන වීඩියෝවක් TikTok, Facebook, YouTube සහ Instagram හි වයිරල් වෙමින් පවතී.
එවැනි YouTube short එකක් ඉංග්‍රීසියෙන් මෙසේ පවසයි: “අහ්මදාබාද් ගුජරාට් ගුවන් අනතුරින් සියලුම කාර්ය මණ්ඩලය මිය ගියා. ඔබට නිවන් සුව! කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙක්.”
අපට තවත් සමාන වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින් දක්නට ලැබුණි.
Newschecker මෙම වාර්තාවේ සත්‍යතාව පරීක්ෂා කළ අතර එය අසත්‍ය බව සොයා ගත්තේය.
වයිරල් වීඩියෝවේ යතුරු රාමු මත ප්‍රතිලෝම රූප සෙවීමක් (reverse image search) සිදු කළ විට, 2025 ජුනි 9 දින යෂස්වි ෂර්මා (@yashasviexplorer) විසින් Instagram හි පළ කරන ලද සටහනක් අපට හමු විය. එහි Air India ගුවන් සේවිකාවන් ගුවන් යානයකට ඇතුළු වන ආකාරය දැක්වෙන එම වීඩියෝවම ඇතුළත් විය. එහෙත් එය ශර්මා විසින් පළ කරන ලද දිනය ජූනි 9 වන බවත්, එය 2025 ජුනි 12 වන දින එයාර් ඉන්දියා ඛේදවාචකයට පෙර වූවක් බව සනාථ විය.
අපි සටහනේ comments කොටස හොඳින් පරීක්ෂා කළ විට, ෂර්මා විසින් ඇය “ආරක්ෂිත” බව පැහැදිලි කරන ප්‍රකාශයක් අපට හමු විය.
“මගේ ආරක්ෂාව ගැන සොයා බැලූ ඔබ සැමට බොහෝම ස්තූතියි – මම ආරක්ෂිතව දැනට මුම්බායි හි සිටිමි. සිදු වූ දෙයින් මම දැඩි ලෙස කම්පා වීමි. අපට ඉතා දුෂ්කර කාලයක්,” ඇය අදහස් දැක්වීය.
අහමදාබාද්හි මෑතකදී සිදු වූ ගුවන් යානා අනතුරට අදාළ බොහෝ වාර්තා සමාජ මාධ්‍ය ජාලාවල පුද්ගලයින් බෙදාගෙන ඇති බව අපි දුටුවෙමු. එයාර් ඉන්දියා අනතුරට අදාළ වයිරල් ක්ලිප් බෙදා ගන්නා ගිණුමක් ද ෂර්මා සිය Instagram ගිණුමේ සටහන් කර, එය වාර්තා කරන ලෙස සහ ව්‍යාජ ප්රවෘත්ති පැතිරීමෙන් වළකින ලෙස පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියා ය.
අහමදාබාද් ගුවන්තොටුපළෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසු එයාර් ඉන්දියා ගුවන් යානය AI-171 කඩා වැටීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු මිය ගිය හ. යානයේ නියමුවා සහ සහය නියමුවා වන සුමීත් සභාර්වාල් සහ ක්ලයිව් කුන්දර්, සයිනීතා චක්‍රවර්ති, දීපක් පතක්, නගන්තෝයි කොංබ්රයිලත්පම් ෂර්මා ඇතුළු තවත් අය මේ අතර වූහ. සම්පූර්ණ ලැයිස්තුව මෙතැනින් දැකිය හැකිය. වයිරල් වීඩියෝවේ දක්නට ලැබෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් මාරාන්තික ගුවන් අනතුරට ගොදුරු වූවන්ගේ සාමාජිකයින් සමඟ සංසන්දනය කර ඇති මෙම Free Press Journal වාර්තාවේ ද ඔවුන් සමාන නොවන බව හෙළි වේ.
එබැවින්, මෑතකදී සිදු වූ ගුවන් අනතුරකින් මියගිය එයාර් ඉන්දියා ගුවන් සේවිකාව වීඩියෝවේ සිටින බව කියන වයිරල් සටහන අසත්‍ය යි.
අපේ මූලාශ්‍ර
@yashasviexplorer විසින් Instagram සටහන, 2025 ජුනි 9
Mint විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව, 2025 ජුනි 13
Free Press Journal විසින් වාර්තාව, ඔවුන්ගේ YouTube නාලිකාව, 2025 ජුනි 14
(Newschecker ඉන්දියා කණ්ඩායමේ වසුධා බෙරිගේ සහය සමඟ)
Pramodha Weerasekera
June 10, 2025
Pramodha Weerasekera
May 21, 2025
Pramodha Weerasekera
May 13, 2025