Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
News
2025 මැයි 6 දින පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක රජයේ අරමුදල්වලින් ගත් පෞද්ගලික ජෙට් යානයකින් වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කළේය.
ජනපති වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට යාමට භාවිතා කළ ජෙට් යානය සඳහා රජයේ අරමුදල් භාවිතා නොකළ බවත්, එක්සත් ජාතීන්ගේ සංගමයට අනුබද්ධ වියට්නාම බෞද්ධ සංගමයක් එම ජෙට් යානයේ චාරිකාව සැපයූ බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් තහවුරු කර ඇත.
වියට්නාම ජනාධිපති ලුඕන්ග් කුඕංගේ ආරාධනයෙන් ජනපති අනුර කුමාර දිසානායක මැයි 4 සිට 6 දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත විය. දිසානායක මෙම සංචාරයේදී වියට්නාම්-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වන සංවත්සරය (1970–2025) සැමරීම සමඟ ම, හෝ චි මිං නගරයේ ආරම්භ වූ 20 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එහි ප්‍රධාන දේශනය ද පැවැත්වීය. මෙම සංචාරය අවසන් කර ජනපති පසුගිය 6 වන දින යළි දිවයිනට පැමිණ පංචිකාවත්ත, මරදාන දී සිය ඡන්දය පළ කළේය.
මෙයින් පසුව, ජනපති වියට්නාමයේ සිට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට ආපසු පැමිණි ජෙට් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය. මෙම පුද්ගලික ජෙට් යානය මිලදී ගැනීමට හෝ බද්දට ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ අරමුදල් භාවිතා කළ බව TikTok පරිශීලකයෙක් සිංහලෙන් කීවේ ය. තවද, මෙම ජෙට් යානය සඳහා ජනපති රජයේ අරමුදල්වලින් පැයකට රුපියල් මිලියන 28 ක් ගෙවන්නට ඇති බව ද සටහන සඳහන් කළේය.
TikTok සහ Facebook හි සමාන සටහන් මෙතැනින් සහ මෙතැනින්.
මෙම වාර්තා මහජන/රාජ්‍ය මුදල් භාවිතය සම්බන්ධයෙන් ජනපතිගේ පෙර ප්රකාශයන්ට පටහැනි නිසා ඒවායේ සත්‍යය විමර්ශනය කිරීමට අපි තීරණය කළෙමු.
සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් කර ඇති පරිදි ජනපති මැයි 6 වන දින වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ පුද්ගලික ජෙට් යානයකින්ද යන්න සොයා බැලීම සඳහා අපි “වියට්නාම් සංචාරය”, “අනුර කුමාර දිසානායක”, “AKD”, සහ “ජෙට්” මූල පද (keywords) භාවිතා කරමින් Google සෙවීමක් සිදු කළෙමු. “වියට්නාමයේ සිය සාර්ථක තෙදින නිල සංචාරය අවසන් කරමින්, ජනපති දිසානායක 6 වන දින පස්වරුවේ වියට්නාම රජයේ විශේෂ ජෙට් යානයකින් නැවත දිවයිනට පැමිණි බව සඳහන් ප්රවෘත්ති වාර්තා අපට හමු විය. මෙවැනි ප්රවෘත්ති වාර්තා මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින් සොයාගත හැකිය.
2025 මැයි 8 වන දින පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ජෙට් යානයට අරමුදල් සැපයුවේ කවුරුන්ද යන්න පිළිබඳව සභාවේදී ප්‍රශ්නයක් මතු කළ අතර, එයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ මෙසේය: “මැයි 6 දින වියට්නාමයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමට සහභාගී වී විශේෂ දේශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට ආරාධනා කරන ලදී. කතාව පැවැත්වූ වහාම ජනාධිපතිවරයාට ඡන්ද පොළට ආපසු යාමට නොහැකි බව අපි ඔවුන්ට දන්වා සිටියෙමු. එබැවින්, සංවිධායකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ වියට්නාම බෞද්ධ සංගමයක් හරහා ජෙට් යානය සූදානම් කළහ. මේ සඳහා රජයෙන් කිසිදු මුදලක් වියදම් කළේ නැත.” පාර්ලිමේන්තු සැසිවාරයේ live වීඩියෝව මෙතැනින් දැක ගත හැක:
අපගේ මූලාශ්‍ර
‘අනුර ආව ජෙට් එකට හරියටම ගෙව්වේ කවුද?’, Sri Lanka Mirror, 2025 මැයි 9
‘වියට්නාමයේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකාව උනන්දු වෙනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක’, දිවයින, 2025 මැයි 7
‘AKD returns on special jet arranged by Vietnamese Govt.’, Daily Mirror Online, 2025 මැයි 6
පාර්ලිමේන්තු සැසිවාරයේ livestream එක, NewsFirst LK YouTube නාලිකාව, 2025 මැයි 8
Pramodha Weerasekera
March 8, 2025
Pramodha Weerasekera
February 7, 2025
Pramodha Weerasekera
December 14, 2024