Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

2025 නොවැම්බර් 5 දින සිදුවූ බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායකට හිරිහැර කරන කණ්ඩායමකින් ඔහුව පොදු ජනයා විසින් ආරක්ෂා කරන ආකාරය පෙන්වන සමාජ මාධ්‍ය වීඩියෝ සටහනක්
මෙම සටහන නොමඟ යවන සුළුය. මෙම වීඩියෝව 2023 පෙබරවාරි 26 වන දින, ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අතරතුර ගන්නා ලද එකකි.
2025 නොවැම්බර් 5 දින සිදුවූ බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායකට හිරිහැර කරන කණ්ඩායමකින් ඔහුව පොදු ජනයා විසින් ආරක්ෂා කරන ආකාරය පෙන්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. එක් TikTok වීඩියෝවක දෙමළ පාඨයේ සඳහන් වන්නේ, “ජනාධිපති අනුරට පහර දුන් කණ්ඩායම! මේ ගැන සම්පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත!” යනුවෙනි.

මෙම සටහන නොමඟ යවන සුළු බව Newschecker අපට අනාවරණය විය.
වීඩියෝවේ keyframes හරහා Reverse image search එකකින් අපට එහි මුල් වීඩියෝව හමු විය. මුල් වීඩියෝවේ අනුර කුමාර දිසානායකව ඉලක්ක කරගෙන කිසි කෙනෙක් හානියක් කරන්නේ නැත. මෙම වීඩියෝව 2023 පෙබරවාරි 26 වන දින, ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අතරතුර ගන්නා ලද එකකි. ප්‍රමාදයකින් තොරව මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා එකල රජයට එරෙහිව NPP විරෝධතාව පැවැත්වූ හ.
එදින කොළඹ නගර ශාලාව අසල ඉබ්බන්වල හන්දියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ හ. මෙම වීඩියෝව එම කඳුළු ගෑස් ප්‍රහාරය අතරතුර ගන්නා ලද එකකි. පහත Colombo Gazette සහ South Asia Newsline YouTube වීඩියෝ පුවත්වල දැකගත හැක.
2022 වසරේ ලංකාවේ සිදුවූ දේශපාලන සහ ආර්ථික අවපාතය නිසා විවිධ දේශපාලන පක්ෂ සහ මහජනයා නව රජයක් බලාපොරොත්තුවෙන් මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් ඉල්ලා සිටියහ. මෙම NPP රැළිය සහ උද්ඝෝෂණය එම ඉල්ලීම සඳහා 2023 දී කරන ලද්දකි. එම රැළිය විසුරුවා හැරීමට පොලීසිය පැමිණි අතර වෙනත් කිහිපදෙනෙක් සමඟ NPP නායක අනුර කුමාර දිසානායකවද විසුරුවා හරින ලදී.
2025 නොවැම්බර් 5 දින සිදුවූ බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායකට හිරිහැර කරන කණ්ඩායමකින් ඔහුව පොදු ජනයා විසින් ආරක්ෂා කරන ආකාරය පෙන්වන සමාජ මාධ්‍ය වීඩියෝ සටහන නොමඟ යවන සුළුයි. මෙම වීඩියෝව 2023 පෙබරවාරි 26 වන දින, ජාතික ජන බලවේගය (NPP) විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අතරතුර ගන්නා ලද එකකි.
FAQs
Q1. TikTok එකට අනුව මෙම වීඩියෝව කවදා ගන්න ලද එකක් ද?
2025 නොවැම්බර් 5
Q2. ඇත්ත වශයෙන්ම මෙම වීඩියෝව කවදා ගන්න ලද එකක් ද?
2023 පෙබරවාරි 26
Q3. මුල් වීඩියෝවේ කිසිවෙක් ජනපතිට පුද්ගලිකව ප්‍රහාර කරනවා ද?
නැත.
Our Sources
‘Police fire tear gas on massive NPP protest in Colombo’ Colombo Gazette නිල YouTube වීඩියෝව, 2023 පෙබරවාරි 26
‘Police fire tear gas, water cannon at protesters in Sri Lanka’, South Asia Newsline නිල YouTube වීඩියෝව, 2023 පෙබරවාරි 26

Pramodha Weerasekera
March 30, 2026

Pramodha Weerasekera
March 14, 2026

Pramodha Weerasekera
February 28, 2026