Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

නතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විරෝධතාවකදී කතා කරමින් ඉන්ධන මිල වැඩි වීම නිසා ජනපති අනුර කුමාර දිසානායක සමඟ තමන් කෝප වී ඇතැයි කියා පෙන්වන TikTok සටහන්.
මෙම සටහන් අසත්‍ය වේ. මෙම TikTok වල ඇති වීඩියෝව 2021 දෙසැම්බර් 23 වන දින, රාජපක්ෂ රජය සමයේ ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මහරගමදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී සිල්වා කරන ලද කථාවකින් උපුටා ගන්නා ලද්දකි.
මේ දිනවල ඇමෙරිකාව සහ ඉරානය ඇතුළු මැද පෙරදිග රටවල් අතර ඇති යුද තත්ත්වය නිසා වෙනත් රටවල් මෙන් ම ශ්‍රී ලංකාවේ ද ඉන්ධන මිල ඉහළ ගොස් ඇත. TikTok සටහන් කීපයක් මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විරෝධතාවකදී කතා කරමින් ඉන්ධන මිල වැඩි වීම නිසා ජනපති අනුර කුමාර දිසානායක සමඟ තමන් කෝප වී ඇතැයි කියා පෙන්වන වීඩියෝවක් සමඟ වයිරල් වෙමින් පවතී. එවැනි TikTok මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින්.



සිංහල පාඨයෙන් කියැවෙන්නේ, “ටිල්වින් සිල්වා අනුර සමඟ කෝප විය” යනුවෙනි. වර්තමාන කාලයෙන් කියා ඇති වාක්‍යයෙන් ඇඟවෙන්නේ සිල්වා මෙම ප්‍රකාශය මෑතකදී ඉන්ධන මිල ඉහළ යාම ගැන කරන ලද එකක් බවයි.
සිල්වා සහ දිසානායක එක ම දේශපාලන පක්ෂයේ නිසාත් නිතර එකතු වී කටයුතු කරන නිසාත් අපට සැකයක් මතු වූ අතර, අපි පරීක්ෂා කල පසු ප්‍රකාශය අසත්‍ය ඒවා බවට අපට අනාවරණය විය.
වීඩියෝවේ ඔහු මෙසේ ද පවසයි: “ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙද්දී, ලංකාවේ තෙල් මිල අඩුවෙන්න ඕනේ. එත් ලංකාවේ තෙල් මිල වැඩි වෙලා.” මේ ප්‍රකාශයට අනුව ද පෙනී යන්නේ මෙම කතාව මේ දිනවල පැවතෙන ලෝක තෙල් මිල ඉහළ යාමට සම්බන්ධ එකක් නොවූ බවයි.
2. මෙම 2021 දෙසැම්බර් විරෝධතාවය ගැන තවත් විශ්වාසවන්ත ප්රවෘත්ති වාර්තා මෙතැනින් සහ මෙතැනින් දැකිය හැක.
පෙබරවාරි 28 වන දින පටන්ගත් ඉරාන-ඇමෙරිකානු/ඊශ්‍රායල යුධ තත්ත්වය අන්තර්ජාතික ව පැතිර යමින් වෙනත් රටවල්වලට ද බලපෑමට ලක්වීමට පටන් ගෙන ඇත. මේ බලපෑම් වලින් එකක් වනුයේ මැද පෙරදිග රටවල් වලින් ඉන්ධන මිලදී ගන්නා වනත් බොහෝ රටවල්වල ඉන්ධන මිල ඉහළ යාමයි. 2022 රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදු වූ අතිශය දරුණු ඉන්ධන අර්බුදය වැනි එකක් නැවත ඇති වීම වැළක්වීමට වර්තමාන NPP ආණ්ඩුව සැලසුම් කරගෙන යන බව ඔවුන් පවසා ඇති නමුත්, මහජනයා මේ පිළිබඳව අවිනිශ්චිත බවක් දක්වති.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විරෝධතාවකදී කතා කරමින් ඉන්ධන මිල වැඩි වීම නිසා ජනපති අනුර කුමාර දිසානායක සමඟ තමන් කෝප වී ඇතැයි කියා පෙන්වන TikTok සටහන් අසත්‍ය වේ. මෙම TikTok වල ඇති වීඩියෝව 2021 දෙසැම්බර් 23 වන දින, රාජපක්ෂ රජය සමයේ ජීවන වියදම සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව මහරගමදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී සිල්වා කරන ලද කථාවකින් උපුටා ගන්නා ලද්දකි.
FAQs
Q1. මෙම TikTokවල කතා කරන ටිල්වින් සිල්වා කියනවා යැයි පෙන්වන්නේ කුමක් ද?
ඉන්ධන මිල වැඩි වීම නිසා ජනපති අනුර කුමාර දිසානායක සමඟ තමන් කෝප වී ඇති බව
Q2. මෙම ප්‍රකාශය ඔහු ඇත්ත වශයෙන් ම දිසානායකට විරුද්ධව කරන ලද එකක් ද?
නැත. ඔහු මෙම ප්‍රකාශය ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කරන ලද්දකි.
Q3. මෙම TikTokවල ඇති වීඩියෝ කවදා කොහේදී ගන්නා ලද ඒවා ද?
2021 දෙසැම්බර් 23 වන දින මහරගමදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවකදී සිල්වා කරන ලද කථාවකින් උපුටා ගන්නා ලද්දකි.
Our Sources
‘තෙල් මිල පහත දමා ජනතාවට වහා සහන දෙනු | JVP protest at Maharagama | 23.12.2021’, JVP Sri Lanka YouTube චැනලයේ වීඩියෝව, 2021 දෙසැම්බර් 24
‘Tilvin Silva Say We Don’t Want To Join With Freedom Party To Form A Government’, අපූරු ගොසිප් YouTube චැනලය, 2021 දෙසැම්බර් 25
‘JVP dismisses any possibility of aligning with SLFP’, Daily Mirror Online, 2021 දෙසැම්බර් 23
‘JVP organises countrywide protests against high cost of living’, The Morning LK, 2021 දෙසැම්බර් 23

Pramodha Weerasekera
March 30, 2026

Pramodha Weerasekera
February 28, 2026

Pramodha Weerasekera
January 10, 2026