Tuesday, April 1, 2025
Tuesday, April 1, 2025

HomeElectionsසජිත් ප්‍රේමදාස 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු නොකරන බව මැල්කම්...

සජිත් ප්‍රේමදාස 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු නොකරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළාද?

වාර්තාව: සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටුවනු ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සැක කරන බව දක්වන ෆේස්බුක් පෝස්ට්

කරුණ: මෙම පෝස්ට් අසත්‍යයි. කාදිනල්තුමා එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉටු නොවනු ඇතැයි කනස්සල්ල පළ කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ රුව සහ ඔහු විසින් ලියන ලදැයි කියන ලිපියක් සහිත කොලාජ් එකක් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචලිත වෙමින් පවතී.

“සජිත් ජනාධිපති වුනොත් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටු වීම ගැන සැකයි” යනුවෙන් සිංහල ශීර්ෂ පාඨය සහිත A5 News හි watermark රැගත් ප්‍රවෘත්ති පත්‍රය පරිශීලකයන් විසින් බෙදා ගන්නා ලදී.

මෙම ප්‍රකාශය ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හි වයිරල් වෙමින් පවතින බව Newschecker දුටුවේය.

තවත් කියවන්න: තේවිස් ගුරුගේ සහ විජය කුමාරතුංග ඝාතන සිවිල් යුද්ධයේදී සිදුවූවා නිසා ඒවා සාධාරණීකරණය කළ හැකි බව අනුර කුමාර දිසානායක කීවාද?

කරුණු පරීක්ෂා කිරීම (Fact check/Verification)

‘සජිත් ප්‍රේමදාස’, ‘දේශබන්දු තෙන්නකෝන්’, ‘කාදිනල් මැල්කම් රංජිත්’ සහ ‘A5 නිවුස්’ යන වචනවල මූල පද සෙවුමක් (keyword search) Newschecker කණ්ඩායම ආරම්භ කළ අතර එහි අන්තර්ගතය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඇති A5 News Sri Lanka මුල් පෝස්ටුව හමු විය:

SJB ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ 2019 පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින්ට යුක්තිය සහතික කිරීම සඳහා ඔහුගේ සැලසුම් පිළිබඳව කාදිනල්තුමාට සහ කතෝලික අගරදගුරු පදවියේ අනෙකුත් සාමාජිකයින්ට Arseculeratne වෙතින් ලිපියක් ලියන ලදී. 2024 සැප්තැම්බර් 15 වන දින A5 News Sri Lanka විසින් මෙම ලිපිය පෝස්ට් කරන ලදී.

2024 ජුලි 24 වැනි දින සේවයෙන් පහ කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බව අර්සකුලරත්න එම ලිපියේ සඳහන් කරයි. තෙන්නකෝන් ඉවත් කිරීමේ මෙම තීන්දුවට එරෙහිව අගලකඩ සිරිසුමන හිමියන් විසින් අන්තර්කාලීන පෙත්සමක් ගොනු කළ බවද ඔහු සඳහන් කරයි. 2024 සැප්තැම්බර් 11 වැනි දින පැවති ජනහමුවකදී උන්වහන්සේ ප්‍රේමදාසට පක්ෂව කතාවක් කළේය. මේ අනුව, ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්කිරීමෙන් පාස්කු ප්‍රහාර වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවීම තෙන්නකෝන් නැවත බලයේ පිහිටුවීමේ ප්‍රතිඵලයක් වනු ඇතැයි අර්සකුලරත්න මහතා විශ්වාස කරයි.

තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ප්‍රේමදාස විසින් 2024 පෙබරවාරි 26 වන දින ඔහුගේ verified X ගිණුමේ ප්‍රකාශයක් කර ඇති බව Newschecker කණ්ඩායම නිරීක්ෂණය කළේය.

2024 සැප්තැම්බර් 16 වන දින, A5 News Sri Lanka කණ්ඩායම ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කළ අතර, ඔවුන්ගේ ග්‍රැෆික් සන්දර්භය නොමැතිව වයිරල් වෙමින් පවතින බව සඳහන් කරයි:

ඔවුන් පවසන්නේ පෙරේදා සිට ඔවුන්ගේ මුල් පෝස්ටුවෙහි සඳහන් වන්නේ කාදිනල්තුමාට ලිපිය ලැබී ඇත්තේ අර්සකුලරත්නගෙන් බව මිස කාදිනල්තුමා එම ලිපිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවයි.

ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා වැඩසටහනක් වන ‘කිණිහිර’ වීඩියෝවට මිනිත්තු 22 තත්පර 40ක් තුළ ද ඔවුන් මෙය පවසයි:

ඔවුන් අවස්ථා දෙකේදීම ඉස්මතු කරන්නේ ලිපිය කාදිනල්තුමා වෙත ලැබී ඇති බවත්, ප්‍රේමදාස සම්බන්ධයෙන් කාදිනල්තුමා අර්සකුලරත්න දරන මතයම දරන බව මුල් පෝස්ටුවෙහි සඳහන් නොවන බවයි.

එපමණක් නොව, මෙම ප්‍රකාශය අසත්‍ය බව කොළඹ කතෝලික අගරදගුරු පදවිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත:

එම සටහනේ දැක්වෙන්නේ, “කාදිනල්තුමා එවැනි ප්‍රකාශයක් කර නැහැ. මෙය කාදිනල්තුමාට ලැබුණු ලිපියක් පමණි.”

2024 සැප්තැම්බර් 17 වැනි දින මීගමුවේ පැවති රැස්වීමකදී SJB අපේක්ෂක ප්‍රේමදාස ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට තමා සහතික වන බවයි.

නිගමනය

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටු නොකරන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළ බවට පළ වන මෙම සටහන් අසත්‍ය බව අපට පෙනී යයි.

ප්‍රතිඵලය: අසත්‍ය / False

අපගේ මූලාශ්‍ර
සැප්තැම්බර් 15 සහ 16 දිනවල A5 News Sri Lanka කරන ලද Facebook සටහන්
සැප්තැම්බර් 15 වැනිදා කොළඹ කතෝලික අගරදගුරු පදවියේ Facebook සටහන
A5 News Sri Lanka හි verified YouTube නාලිකාව ඔස්සේ සැප්තැම්බර් 16 වැනි දින පැවති ‘කිණිහිර’ වැඩසටහන
2024 පෙබරවාරි 24 දිනැති සජිත් ප්‍රේමදාසගේ Verified X ගිණුමේ සටහන
සැප්තැම්බර් 18 Hiru News වෙබ් අඩවිය


වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. නැත්නම්, අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.

Pramodha Weerasekera
Pramodha Weerasekera
Pramodha Weerasekera is the Sinhala Fact-Checker for the Newschecker Sri Lanka team. She holds a BA (Hons) in English from the University of Colombo, an LLB (Hons) from the University of London, and an Attorney-at-Law certification. Beyond fact-checking, she is a passionate advocate for the arts and has authored numerous pieces on South Asia’s thriving arts and culture scene for local and international publications.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular