Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලදැයි කියන වයිරල් ග්‍රැෆික් එකක්, රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා ඉහළ දඩ මුදල් ලැයිස්තුගත කරයි.
වයිරල් ග්‍රැෆික් එක අසත්‍යයි.
ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලදැයි කියන වයිරල් ග්‍රැෆික් එකක්, රථවාහන නීති උල්ලංඝනය කිරීම් සඳහා ඉහළ දඩ මුදල් ලැයිස්තුගත කරයි.


TikTok, Facebook, සහ Instagram සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින්, සහ මෙතනින් දැකිය හැක.
පෙර ලංකාවේ තිබී ඇති රථ වාහන දඩ මුදල්වලට සාපේක්ෂව, මෙම ග්‍රැෆික් එකේ ඇති මුදල් ප්‍රමාණ සැලකිය යුතු ලෙස වැඩි නිසා, ග්‍රැෆික් එකේ සත්‍යතාව පරීක්ෂා කිරීමට අපි තීරණය කළෙමු. උදාහරණයක් ලෙස, අධික වේගයෙන් රිය පැදවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් 30,000 ක දඩයක් පොලිසිය විසින් ග්‍රැෆික් එක ට අනුව පනවා ඇති අතර, මීට පෙර ගාස්තුව ශ්‍රී ලංකා රුපියල් 3,000 ක් විය.
2. පසුව අපි වයිරල් සමාජ මාධ්‍ය පළකිරීමේ නිශ්චිතව දක්වා ඇති මාර්ග නීති කඩකිරීම් සඳහා නවතම මුදල පරීක්ෂා කර, 2019 අංක 10 දරන මෝටර් රථ ප්‍රවාහන (සංශෝධන) පනතේ, මීට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රමාණයන් සඳහන් වන බව දුටුවෙමු.
3. වයිරල් ග්‍රැෆික් එකේ භාවිතා කර ඇති ප්‍රස්ථාරය සහ නියම අගයන් සහිත ප්‍රස්ථාරය පැත්තකින් සංසන්දනය කරමින් රථවාහන දඩ මුදල් වැඩි කර නොමැති බවට ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ගේ Facebook පිටුවේ නිවේදනයක් නිකුත් කර ඇති බව එවිට අපට පෙනී ගියේය.

වයිරල් ග්‍රැෆික් එකේ ප්‍රමාණයන් අසත්‍ය බැවින් අවධානයෙන් සිටින ලෙස නිවේදනය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
4. Newswire හි ප්රවෘත්ති ලිපි හරහා ද මෙය තහවුරු කිරීමට අපට හැකි විය.
Our Sources
ශ්‍රී ලංකා පොලිසිය Facebook සටහන, 2026 ජූනි 15
2019 අංක 10 දරන මෝටර් රථ ප්‍රවාහන (සංශෝධන) පනත
‘Police reveal exact traffic fines after false claims’, Newswire, 2026 ජූනි 15

Pramodha Weerasekera
June 1, 2026

Pramodha Weerasekera
April 9, 2025

Pramodha Weerasekera
March 26, 2025