Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
බංගලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශයක දැරියක් සමඟ ඉත්තෑවෙක් සහ සිවට් සතෙක් වෙල්යායක් හරහා ගමන් කරන ආකාරය දැක්වෙන වයිරල් වීඩියෝවක්.
මෙම වීඩියෝව බංගලාදේශයේ එකක් නොවේ. එය රූගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ය.
TikTok, X, YouTube, Facebook, සහ Instagram හරහා සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ සිවට් සතෙක් සමඟ වෙල්යායක් හරහා ගමන් කරන දැරියක්ය. සුරතල් සතෙකු මෙන් ඇය පසුපස හඹා යන ඉත්තෑවෙකු ද දැකගත හැක. වයිරල් සිරස්තලවල මෙම දර්ශනය බංගලාදේශයේ ගම්බද “ඩිස්නි කුමරියකගේ” සැබෑ ජීවිතයේ අවස්ථාවක් ලෙස පෙන්වයි.
ප්රමුඛ ඉන්දීය පුවත්පතක් වන The Telegraph ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද මේ “දුර්ලභ මිත්‍රත්වය” ප්‍රශංසා කරමින්. ඉංග්‍රීසි, බංගලා, හින්දි, මලයාලම් සහ දෙමළ සිරස්තල සමඟ වයිරල් වීඩියෝව බෙදාගෙන ඇත.






එවැනි සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, සහ මෙතනින් දැකිය හැක.

2. තවද, වීඩියෝවේ මුල් සිංහල ශීර්ෂ පාඨය වන්නේ, “අක්කා එක්ක කුබුරු යන ඉත්තෑ මල්ලි” යන්නයි. වයිරල් වීඩියෝවේ එක් අනුවාදයක, දැරිය වීඩියෝව පටිගත කරන පුද්ගලයාට සිංහලෙන් කතා කරමින්, “දුර වැඩිද?” කියා අසයි.
3. ප්‍රභාත් සිල්වා Facebook ගිණුමෙන් උඩුගත කරන ලද තවත් වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ දැරිය ඉත්තෑවා සමඟ සෙල්ලම් කරන, ඌට කැරට් කවන, ඌට බෝතලයකින් කිරි දෙන, සහ ඌට “TUTU” ලෙස අමතන අවස්ථාවන් ය. මෙම වීඩියෝවල සංවාද බංගලා හෝ වෙනත් භාෂාවක් නොව සිංහල භාෂාවෙන් පවතී.



4. මීට අමතරව, 2026 ජූලි 2 වන දින, ප්‍රභාත් සිල්වා Facebook ගිණුම හරහා පළ කරන ලද තවත් වීඩියෝවක දැරිය ඇය, ඇගේ පවුල, සහ සුරතල් සතුන් ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිංහපුර ගමෙන් බව පවසමින්, වයිරල් වීඩියෝව බංගලාදේශයෙන් නොවන බව කියා සිටී.

උඩුගත කරන්නාගේ Facebookහි ස්ථානය ලැයිස්තුගත කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කය, උතුරු මැද පළාත, ශ්‍රී ලංකාව ලෙසයි. වයිරල් වීඩියෝවේ ස්ථානයක් සඳහන් නොවුනත්, එම Facebook ගිණුමෙන් උඩුගත කරන ලද වෙනත් වීඩියෝ විශ්ලේෂණය කිරීමෙන් මෙය අපට තවදුරටත් සහතික කර ගත හැකි විය.
ඔවුන්ගේ සටහන් කිහිපයකම සිරස්තලවල “සිංහපුර” ගැන සඳහන් විය. මේ මත පදනම්ව, පරිපාලන වාර්තා සහ භූගෝලීය සිතියම්කරණය හරහා ස්ථානය පරීක්ෂාවට ලක් කළ පසු, අපට ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යටතේ “සිංහපුර” අංක 286 ග්‍රාම නිලධාරී වසම ලෙස නිල වශයෙන් හඳුනාගත හැකි විය. මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ වියළි කලාපීය කෘෂිකාර්මික තීරය තුළ මහවැලි ගංගා ද්‍රෝණියේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත. එය සමතලා වී වගා, කුඩා පරිමාණ ගොවි ජනාවාස, වියළි කලාපීය ලඳු කැලෑ බිම්, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමවලට සම්බන්ධ වාරි ඇල මාර්ග වලින් සංලක්ෂිත වේ.
වස්ගමුව සහ සෝමාවතිය ජාතික වනෝද්‍යාන වැනි ආරක්ෂිත ප්‍රදේශ ආසන්නයේ පිහිටා ඇති පොළොන්නරුව සහ වැලිකන්ද ප්‍රදේශ ඉත්තෑවන්, අලි ඇතුන්, වඳුරන්, මී ගවයන්, තෙත්බිම් පක්ෂීන් ඇතුළු පොහොසත් වියළි කලාපීය ජෛව විවිධත්වය සඳහා ප්‍රසිද්ධය.
ප්රවෘත්ති නාලිකා කිහිපයක් ද මෙම වයිරල් වීඩියෝව ශ්‍රී ලංකාවෙන් බවට තහවුරු කරමින් වාර්තා පළ කර තිබුණි. වාර්තා මෙහි, මෙහි, සහ මෙහි දැකිය හැකිය.
වයිරල් වීඩියෝව බංගලාදේශයේ “ඩිස්නි කුමරිය වැනි” මොහොතක් නොපෙන්වයි. දැරියක් සමඟ ඉත්තෑවෙක් සහ සිවට් සතෙක් වෙල්යායක් හරහා ගමන් කරන ආකාරය දැක්වෙන මෙම වීඩියෝව මුලින් පටිගත කර උඩුගත කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ Facebook පරිශීලකයෙකු විසිනි.
FAQs
Q1. වයිරල් වීඩියෝව පටිගත කර උඩුගත කරන ලද්දේ බංගලාදේශයේද?
නැත. එය ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පටිගත කර උඩුගත කර ඇත.
Q2. වීඩියෝවේ මූලාරම්භය හඳුනාගත්තේ කෙසේද?
Reverse image search හරහා
Q3. සමාජ මාධ්‍ය පරිශීලකයින් වීඩියෝව බංගලාදේශයෙන් කියා සිතුවේ ඇයි?
බංගලාදේශයේ ප්‍රදේශවලට සමාන විය හැකි ග්‍රාමීය කුඹුරු දර්ශන වීඩියෝවේ වයිරල් රාමුවල ඇති නිසා
Our Sources
ප්‍රභාත් සිල්වා විසින් Facebookහි පළ කරන ලද මුල් වීඩියෝව, 2026 ජුනි 11
ප්‍රභාත් සිල්වා විසින් පළ කරන ලද සමාන Facebook වීඩියෝ
ප්‍රභාත් සිල්වා විසින් Facebookහි පළ කරන ලද වීඩියෝව, 2026 ජූලි 2
Newswire විසින් ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලිපිය, 2026 ජූනි 29
Daily Mirror විසින් ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලිපිය, 2026 ජුනි 29
Newsfirst Sinhala විසින් පළ කරන ලද පුවත් වීඩියෝව, 2026 ජූනි 30

Pramodha Weerasekera
June 25, 2026

Pramodha Weerasekera
April 9, 2025

Pramodha Weerasekera
March 26, 2025