Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

රථවාහන නීති උල්ලංඝනයක් පිළිබඳව මෝටර් රථ රියදුරන්ට දැනුම් දෙන සහ GovPay ගෙවීම් පද්ධතියට සමාන ලින්ක් එකක් හරහා දඩ මුදල ගෙවන ලෙස ඉල්ලා සිටින දුරකථන පණිවිඩ
ශ්‍රී ලංකා පොලිසියට අනුව, මෙම පණිවිඩ scam එකක්/ වංචාවක් වන අතර, එම ලින්ක් එක ක්ලික් නොකරන ලෙස මෝටර් රථ හිමියන්ට උපදෙස් දී ඇත.
රථවාහන නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් දැනුම් දී, ඊට අදාළ දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කරමින්, බොහෝ මෝටර් රථ හිමියන්ට ඔවුන්ගේ දුරකථනවලට Whatsapp සහ SMS හරහා පණිවිඩ ලැබෙමින් පවතී.


මෙම පණිවිඩවල සඳහන් වන්නේ මෙම රථවාහන උල්ලංඝනයන් “ස්ථාවර රථවාහන නිරීක්ෂණ පද්ධතියක්” (CCTV කැමරාවලට සමාන) මගින් ස්වයංක්‍රීයව හඳුනා ගන්නා ලද බවත්, url එකේ “govpay” ඇති ලින්ක් එකක් භාවිතයෙන් දඩ මුදල පියවන ලෙසත් ය. රථවාහන උල්ලංඝනයන් සඳහා මෝටර් රථ රියදුරෙකුට දඩ මුදල් ගෙවීමට සිදු වූ විට ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කරන ඩිජිටල් ගෙවීම් පද්ධතිය GovPay වේ.
පණිවිඩයේ සැක සහිත ස්වභාවය නිසා, Newschecker ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමට තීරණය කළේය.
2. ඉන්පසු අපි ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධති මගින් සලකුණු කරන ලද රථවාහන උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කරන නිල ක්‍රියා පටිපාටිය සොයා බැලුවෙමු. විශේෂ මෘදුකාංගයක් අදාළ රථවාහන උල්ලංඝනයන් සිදු කළ රියදුරන් පදිංචි පොලිස් ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත අදාළ උල්ලංඝනය පෙන්වන CCTV වීඩියෝව සමඟ චෝදනා පත්‍ර යවන බව ක්‍රියා පටිපාටියේ සඳහන් වේ. ඉන්පසු එම පොලිස් ස්ථානය රථවාහන උල්ලංඝනය කිරීමේ දැන්වීම පුද්ගලයාගේ නිවසට ලබා දෙයි. කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල මෙම ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමට පටන් ගත් 2024 පෙබරවාරි මාසයේ සිට, අද දෙරණ සහ The Sunday Times වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු විවිධ මූලාශ්‍ර මගින් මෙම ක්‍රියා පටිපාටිය තහවුරු කර ඇත.
WhatsApp සහ SMS හරහා සංසරණය වන ඉහත පණිවිඩය මෙම නිල ක්‍රියා පටිපාටියට පටහැනි බව පැහැදිලි විය.
3. ගෙවීම් සබැඳියේ url එකද අපි පරීක්ෂා කළ අතර, එහි govpay.lk වෙනුවට govpay.cfd ලෙස සඳහන් කර ඇති බව අපි දුටුවෙමු. ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන භාවිතා කරන ගෙවීම් ලින්ක් එක govpay.lk වේ.
4. ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ගේ සමාජ මාධ්‍ය, වෙබ් අඩවිය සහ අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කර, එවැනි ලින්ක් විවෘත නොකරන ලෙස මෝටර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර, ඒ හා සමාන මාර්ග නීති උල්ලංඝනය කිරීම් වලදී භාවිතා කරන නිල ක්‍රියා පටිපාටිය ඔවුන්ට මතක් කර දී ඇති බව අපි දුටුවෙමු.

5. එපමණක් නොව, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, පණිවිඩයේ සබැඳිය දැන් අවහිර කර ඇත. තවද, අපි Google Chrome හි වෙබ් අඩවිය සෙවූ විට, වෙබ් අඩවි වල විශ්වසනීයත්වය තීරණය කිරීමට පරිශීලකයින්ට උපකාර කරන ScamAdviser, එය “dangerous” (භයානක) ලෙස සලකුණු කර, “ඔබ පිවිසීමට උත්සාහ කළ වෙබ් අඩවියේ ප්‍රහාරකයින් ඔබව රවටා මෘදුකාංග ස්ථාපනය කිරීමට හෝ ඔබේ මුරපද, දුරකථනය හෝ ක්‍රෙඩිට් කාඩ් අංක වැනි දේවල් හෙළි කිරීමට ඉඩ ඇත,” යනුවෙන් පැවසීය.

රථවාහන නීති උල්ලංඝනයක් සිදු කර ඇති බව පවසමින් සහ GovPay පද්ධතියට සමාන ලින්ක් එකක් හරහා අදාළ දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින, මෝටර් රථ හිමියන්ට ලැබෙමින් පවතින කෙටි පණිවුඩ සහ WhatsApp පණිවිඩ scam එකකි. ලින්ක් එක මත ක්ලික් නොකරන ලෙස මෝටර් රථ හිමියන්ට ශ්‍රී ලංකා පොලිසිය උපදෙස් දී ඇත.
FAQs
Q1. කෙටි පණිවිඩයේ සඳහන් වන්නේ කුමක්ද?
පණිවිඩය ලබන්නා රථවාහන නීති උල්ලංඝනයක් කර ඇති බවත්, එය ස්වයංක්‍රීය රථවාහන නිරීක්ෂණ පද්ධති මගින් අල්ලාගෙන ඇති බවත්, එම පණිවිඩයේම GovPay ලින්ක් එක භාවිතයෙන් දඩ මුදල ගෙවිය යුතු බවත් පණිවිඩයේ සඳහන් වේ.
Q2. පණිවිඩයේ සඳහන් GovPay ගෙවීම් ලින්ක් එක කුමක්ද?
www.govpay.cfd
Q3. නිවැරදි GovPay සබැඳිය කුමක්ද?
www.govpay.lk
Our Sources
ශ්‍රී ලංකා පොලිසියේ සත්‍යාපිත Facebook ගිණුමේ පළ කර ඇති සටහන, 2026 මැයි 28
‘Police warn of fake traffic fine SMS scam targeting motorists’, NewsWire, 2026 මැයි 27
‘Legal action taken against 4,000 motorists using CCTV footage in Colombo’, AdaDerana, 2025 අප්‍රේල් 22
‘With 103 CCTVs eyeing motorists on Colombo roads, drivers think twice before breaking rules’, The Sunday Times, 2025 පෙබරවාරි 2
‘New software launched to impose fines on drivers violating traffic rules using surveillance’, ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය www.police.lk, 2025 පෙබරවාරි 21