Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
ජනප්‍රිය නර්තන ශිල්පියෙකු සහ සමාජ මාධ්‍ය තරුවක් වන රුකා මල්ලිගේ මළ සිරුර ඉබ්බාගමුව ප්‍රදේශය අසල බෝක්කුවකින් සොයාගෙන ඇත.
මෙම වයිරල් සමාජ මාධ්‍ය සටහන අසත්‍යයි. රුකා මල්ලි සෞඛ්‍ය සම්පන්නව සිටින අතර ඉබ්බාගමුව ප්‍රදේශය අසල බෝක්කුවකින් සොයාගෙන ඇති මළ සිරුර ඔහුගේ නොවේ.
TikTok සටහනක් මේ දිනවල ජනප්‍රිය නර්තන ශිල්පියෙකු සහ සමාජ මාධ්‍ය තරුවක් වන රුකා මල්ලිගේ මළ සිරුර ඉබ්බාගමුව ප්‍රදේශය අසල බෝක්කුවකින් සොයාගෙන ඇති බව පවසයි. උඩින් “21 හැවිරිදි තරුණයෙකුගේ අභිරහස් මරණය” යනුවෙන් සඳහන් වේ. රුකා මල්ලි ලංකාවෙම කැමැත්තට පත්ව ඇති චරිතයක් නිසා මේ පිළිබඳව සත්‍යය සෙවීම අවශ්‍ය විය.
රුකා මල්ලි නැතහොත් රුක්ෂාන් සෙනුර නමැති තරුණයා TikTok, YouTube සමාජ මාධ්‍ය ජාලාවල ඔහුගේ ‘අඩුම කුඩුම’ ගීතය සහ නර්තන හැකියාවන් නිසා තරුණ ලාංකිකයන් අතර ප්‍රසිද්ධ අයෙකි. ඔහු මෙසේ අභාවයට පත්වී ඇති අයුරු යයි කියමින් මෙම වයිරල් TikTok එක සංසරණය වෙමින් පවතී.
ජනප්‍රිය නර්තන ශිල්පියෙකු සහ සමාජ මාධ්‍ය තරුවක් වන රුකා මල්ලිගේ මළ සිරුර ඉබ්බාගමුව ප්‍රදේශය අසල බෝක්කුවකින් සොයාගෙන ඇතැයි කියන වයිරල් සමාජ මාධ්‍ය සටහන අසත්‍යයි. රුකා මල්ලි සෞඛ්‍ය සම්පන්නව සිටින අතර ඉබ්බාගමුව ප්‍රදේශය අසල බෝක්කුවකින් සොයාගෙන ඇති මළ සිරුර ඔහුගේ නොවේ.
FAQs
Q1. මේ වීඩියෝවේ දැක්වෙන පොලීසිය විසින් සොයාගන්නා ලද මෘත දේහය කාගේද?
මේ මෘත දේහය කාගේද යන්න තවමත් මහජනයාට දන්වා නැත. ඔහු ඉබ්බාගමුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක වැඩකරන අයෙකු බව පමණක් අපි දන්නෙමු.
Q2. මේ වීඩියෝවේ පෙන්වන මෘත දේහය රුකා මල්ලිගේ ද?
නැත.
Q3. මේ වීඩියෝව පළමුවෙන්ම පළ කරන ලද්දේ කවුරු විසින් ද?
Hiru TV විසින්
Our Sources
HiruTV Facebook ගිණුමේ සටහනක්, 2025 සැප්තැම්බර් 21
‘ඉබ්බාගමුවේදී තරුණයෙකුගේ මළ සිරුරක් බෝක්කුවක තිබී හමුවෙයි’, HiruTV වෙබ් අඩවිය, සැප්තැම්බර් 21
රැක්ෂාන් සෙනුරගේ TikTok ගිණුම