Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: ‘වැඩිය දඟලන’ ඉන්ධන බෙදාහරින්නන්ගේ ඉන්ධන පිරවුම්හල් රජය විසින් පවරා ගන්නා බව ජනාධිපති AKD ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
කරුණ: මෙම ප්‍රකාශය අසත්‍යයකි. ඉන්ධන ගැටළුව පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලබා දී නැත.
ඔවුන්ගේ පිරවුම්හල් රජය විසින් අත්පත් කර ගන්නා බවට ඉන්ධන බෙදාහරින්නන්ට අනතුරු අඟවමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් සහිත ග්‍රැෆික් එකක් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වෙමින් පවතී.
වයිරල් ග්‍රැෆික් එකේ ජනාධිපතිවරයාගේ යැයි කියන ප්‍රකාශය මෙසේ සඳහන් කරයි: “[ඉන්ධන බෙදාහරින්නන්] වැඩිය දැඟලුවොත් ෂෙඩ් රජයට ගන්නවා. අසාධාරණ කොමිස් දෙන්න බැහැ.”
මෙම ග්‍රැෆික් එක මෙතනින් සහ මෙතනින් ද දැක ගත හැක.
රට තුළ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මෑතකදී ඇති වී ඇති කතාබහ සමඟ මෙම ඡායාරූපය වයිරල් වී ඇත. ලංකා ඛනිජ තෙල් සංස්ථාව(CPC) විසින් ඉන්ධන බෙදාහරින්නන්ට පිරිනමන 3% ක කොමිස් මුදලක් රජය විසින් නීති විරෝධී යැයි සලකා ඇත. මේ හේතුවෙන් ඉන්ධන බෙදාහරින්නන් අසතුටෙන් සිටින නිසා ඇති විය හැකි ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් මහජන භීතියක් පවතී. ඒ අනුව, Newschecker කණ්ඩායම මෙම ප්‍රකාශයේ නිරවද්‍යතාවය සොයා බැලීමට තීරණය කළේය.
ප්‍රතිලෝම රූප සෙවීමකින් (reverse image search) පසුව, ග්‍රැෆික් එකේ භාවිතා කර ඇති AKD ජනාධිපතිවරයාගේ රූපය මුලින්ම භාවිතා කර ඇත්තේ 2024 ඔක්තෝම්බර් මාසයේදී ඔහු බලයට පත් වූ වහාම NPP වෙබ් අඩවියේ පළ කිරීමක බව අපි දුටුවෙමු. මෙම සටහන ඉන්ධන සම්බන්ධයක් නැති කාරණයක් ගැන වන අතර, ඔහු ඇතැම් ප්‍රතිපත්ති වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හමුවූ බව දක්වයි.
පසුව අපි වත්මන් ඉන්ධන තත්ත්වය තුළ ඉන්ධන බෙදා හැරීමේ සැලසුම් සහ/හෝ ඉන්ධන හිඟයක් පිළිබඳව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ප්‍රකාශ සඳහා මූල පද සෙවීමක් කළෙමු. ඉන්ධන බෙදා හැරීමේ සැලසුම් පිළිබඳ බොහෝ ප්‍රකාශ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ CPS සභාපති ඩී.ඒ. රාජකරුණා වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදු කර ඇති බව අපි දුටුවෙමු. එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශවල වාර්තා මෙතැනින් සහ මෙතැනින් සොයාගත හැකිය.
ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කළ බවට වාර්තා නොමැත.
අපි මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසූ විට, ඔවුන් වයිරල් සටහනේ සඳහන් ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, පුරවැසියන්ට ඉන්ධන සපයන්නේ නැති ඉන්ධන පිරවුම්හල් රජය පවරා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර නොමැති බව අපට දන්වන ලදී.
‘වැඩිය දඟලන’ ඉන්ධන බෙදාහරින්නන්ගේ ඉන්ධන පිරවුම්හල් රජය විසින් පවරා ගන්නා බව ජනාධිපති AKD ප්‍රකාශ කර නැත.
අපගේ මූලාශ්‍ර
‘ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටී’, NPP ශ්‍රී ලංකා වෙබ් අඩවිය, 2024 ඔක්තෝබර් 16
ජනාධිපති මාධ්‍ය අංශය
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.
Pramodha Weerasekera
May 13, 2025
Pramodha Weerasekera
February 7, 2025
Pramodha Weerasekera
December 14, 2024