Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පොල් සැපයුම අඩුවීම සහ ඉහළ සිල්ලර මිල ගණන් ඇති වන්නේ NPP/JVP ප්රමුඛ අලුතින් පත් වූ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තියක් හේතුවෙනි.
කරුණ: මෙම ප්‍රකාශය අර්ධ වශයෙන් අසත්‍ය ය. පොහොර හිඟය සහ කාලගුණික තත්ත්වය හේතුවෙන් පොල් අඩු සැපයුම සහ සිල්ලර මිල ඉහළ යාම සිදුවෙමින් පවතී.
2024 ඔක්තෝම්බර් 23 සිට ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් සඳහා දිගු පෝලිම්වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය පෙන්වයි. අලුතින් පත් වූ NPP/JVP රජය පොල් මිල වැඩි කිරීමෙන් මෙම පෝලිම් ඇති කළ බවට පෝස්ට් දෝෂාරෝපණය කරයි.
Newschecker කණ්ඩායමට ප්‍රධාන වශයෙන් මෙම පළ කිරීම් TikTok, X (කලින් Twitter) සහ Facebook හරහා හමු විය. උදාහරණ කිහිපයක් මෙහි, මෙහි, මෙහි, මෙහි, මෙහි, මෙහි සොයාගත හැකිය.
අඩු සැපයුම සහ පොල් මිල ඉහළ යාම ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ දෛනික ජීවිතයට ඇති කරන බලපෑම හේතුවෙන්, Newschecker කණ්ඩායම එම සමාජ මාධ්‍ය පෝස්ට්වල සත්‍ය/අසත්‍ය බව පරීක්ෂා කිරීමට තීරණය කළේය.
“ශ්‍රී ලංකාවේ පොල් සැපයුම” සහ “ශ්‍රී ලංකාවේ පොල් මිල” යන මූල පද සෙවුමක් (keyword search) භාවිතා කරමින්, 2024 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පොල් මිල ඇත්ත වශයෙන්ම ඉහළ ගොස් ඇති බව Newschecker කණ්ඩායමට අනාවරණය විය. පොල් ගෙඩියක සිල්ලර මිල 2024 ඔක්තෝබර් 25 දින රටේ ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංකා රුපියල් 120ත් 160ත් අතර පැවතිය. වැඩි විස්තර මෙතැනින් සහ මෙතැනින් සොයාගත හැකිය.
කොළඹ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ (Coconut Cultivation Board-CCB) ශාඛාව අසල මිනිසුන් පෝලිම් ගැසී සිටින අයුරු මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල දැක්වෙන බව Newschecker හට පෙනී ගියේය. පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වන්නේ “දිවයිනේ පොල් වගාකරුවන්ට කාර්යක්ෂම ව්‍යාප්ති හා උපදෙස් සේවාවක් මඟින් අවශ්‍ය යෙදවුම් හා මූල්‍ය ආධාර සපයමින් පොල් නිෂ්පාදනය හා ඵලදායිත්වය වැඩි කිරීම සහ තිරසාර පොල් වගාවක් ස්ථාපිත කිරීමයි.”
මෙම දර්ශන ග්‍රහණය කර ගත් නිශ්චිත ස්ථානය අනුව, Newschecker කණ්ඩායම CCBහි ක්‍රියාකලාපය සහ මිල ඉහළ යාම ඔවුන් විසින් මෑත කාලීන ප්රතිපත්තියකට සම්බන්ධ කර තිබේද යන්න සොයා බැලීය. කාලගුණික තත්ත්වය හේතුවෙන් සෑම වසරකම ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී සිදුවන පරිදි මෙම මිල ඉහළ යාමට හේතුව බෝග අඩුවීම බව ජනතාව දැනුවත් කිරීම සඳහා CCBහි සභාපති සමන් දේවගේ විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් CCB හි Facebook පිටුවේ පළ කර තිබුණි. 2019 වසරේ සිට පසුගිය වසර කිහිපය තුළ රට මුහුණ දී සිටින පොහොර හිඟය හේතුවෙන් මෙම විශාල මිල ඉහළ යාමට හේතු වී ඇති බව දේවගේ සඳහන් කරයි.
කෙටි කාලීන විසඳුමක් ලෙස කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල CCB විසින් පොල් ගෙඩියක් ශ්‍රී ලංකා රුපියල් 100-120 අතර සහනදායි මිලකට අලෙවි කිරීම සඳහා ජංගම පොල් අලෙවි වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දේවගේ තවදුරටත් සඳහන් කරයි. CCB වඩාත් තිරසාර දිගුකාලීන විසඳුම් ද සොයා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Newschecker CCB හා සම්බන්ධ වූ අතර, එහි නියෝජිතයා ඉහත කරුණු තහවුරු කළ අතර, ඔවුන් මිල පහත හෙලීම සඳහා මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් සඳහා කටයුතු කරමින් සිටින බව පැවසීය. අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුළ පොහොර හිඟකම සහ අඩු භෝග හේතුවෙන් මෙම මිල ඉහළ යාමට හේතු වී ඇති බව ද ඔවුහු තහවුරු කළහ.
නව ජනාධිපතිවරයෙකු පත්වුවද, නොවැම්බර් 14 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක්, පොල් කර්මාන්තය සහ සිල්ලර මිල ඇතුළු ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලයලත් නිල කැබිනට් මණ්ඩලයක් ලංකාවේ නොමැති බවද Newschecker සඳහන් කරනු කැමැත්තේය.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල පොල් සැපයුම අඩුවීමත් ඒ නිසා ඉහළ සිල්ලර මිලක් ඇති වීමටත් හේතුව අලුතින් පත් වූ JVP/NPP ප්රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරන ලද කිසිදු ප්‍රතිපත්තියක් නොව, පොහොර හිඟකම සහ අයහපත් කාලගුණයයි.
අපගේ මූලාශ්‍ර
2024 ඔක්තෝම්බර් 23 වන දින හිරු නිවුස් LK සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පොල් මිල ඉහල යාමේ වාර්තා
CCB හි වෙබ් අඩවිය
2024 ඔක්තෝබර් 23 දින පළ කරන ලද CCB හි Facebook සටහනක්
2024 ඔක්තෝබර් 24 දින CCB හි නියෝජිතයෙකුගෙන් ලැබුණු ප්රකාශනයක්
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.