Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
මෙම වයිරල් වීඩියෝවේ සිටින ඊශ්‍රාලයට රැකියාවක් සඳහා ගොස් අතරමංව සිටින ලාංකිකයා පිළිබඳව ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට ඔහුගේ හිතමිතුරන් මෙම වීඩියෝවට පෙර දැනුම් දී ඇති නමුත් ඔවුන් ඔහුට කිසි උදව්වක් කර නැත.
නොමගයවන සුළුයි. මෙම පුද්ගලයා පිළිබඳව තානාපති කාර්යාලය කිසි කාලයක් තුළ දැනගෙන සිට ඇති අතර, ඔවුන් ඔහුට මීට පෙර උදව් කර ඇති බවත්, මේ වීඩියෝවට සම්බන්ධ අවස්ථාවෙදී ද ඔහුට අවශ්‍ය උපකාර දී ඇති බව පැහැදිලි ය.
ලාංකිකයන් දෙදෙනෙකුට ඊශ්‍රායලයේ නාතානියා ප්‍රදේශයේ මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණයෙක් හමු වී කතාබස් කරන සැප්තැම්බර් 17 දින පළ කරන ලද වීඩියෝවක් මේ දිනවල Facebook හි වයිරල් වෙමින් පවතී. මෙම දෙදෙනා ඔහු තනියම දුෂ්කර බවින් සිටිනු දැක ඔහුගෙන් ඔහු ශ්‍රී ලංකාවෙන්ද යැයි විමසති. තරුණයා ඔහු ලංකාවේ බවත් මොණරාගල බවත් ඔහු ඉදිකිරීම් සම්බන්ධ රැකියාවක් සඳහා ඊශ්‍රායලයට පැමිණ අතරමන් වී සිටින බව ඔහු පවසයි. අනෙක් ලාංකිකයන් දෙදෙනා වීඩියෝව බලන අයට ඔහු ගැන ඉක්මනින් ලංකාවේ ඔහුගේ හිතවතෙකුට හෝ අදාළ නිලධාරියෙකුට දන්වන ලෙස කියයි.
සංසරණය වෙමින් පවතින වීඩියෝව සමඟ මෙම caption එකද දැක්වේ:
“ඊශ්‍රායලයේ ඉදිකිරීම් ශ්‍රේස්ත්‍රයට රැකියාවට පැමින පසුගිය දිනවල අතුරුදන්ව සිටි 🇱🇰
ශ්‍රී ලාංකික සහෝදරයා අද නාතානියා ප්‍රදේශයේදී ශ්‍රී ලාංකික තරුණ පිරිසකට හමුවී ඇත.
ඔහු සිහි මද අසනීපයකින් පෙලෙන බව වීඩියෝ දර්ශන මගින් පෙනී යයි.
ඔහුව හදුනන අය සිටී නම් ඔහුගේ නෑ හිතවතුන්ට දැනුම් දෙන්න..
මෙම දර්ශණ විදේශගත අපි ඊශ්‍රායල් ගරු තානාපති තුමන් වෙතද යොමු කරන ලදි.”
මීට පසුව WhatsApp හරහා මේ තරුණයා තම පුතා බව කියමින් කෙනෙක් යවන ලද message එකක්ද වයිරල් වෙමින් පවතී. මෙහි මෙම තරුණයා ගැන වැඩි විස්තර සමඟ ඔහු පිළිබඳව ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයට දැනුම් දුන් නමුත් ඔවුන් කිසි උදව්වක් නොකළ බව ද දක්වා ඇත.
සමාන සමාජ මාධ්‍ය සටහන් මෙතනින්, මෙතනින්, සහ මෙතනින් දැකගත හැක.
“අදාළ ශ්‍රී ලාංකිකයා 2025 අගෝස්තු මස 09 වැනි දින ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රජයේ කෝටවෙන් ඊශ්‍රායලයට පැමිණි අයෙකි…එහෙත් ඊශ්‍රායලයට පැමිණ සතියක පමණ කාලයක සිට අධික ලෙස මත්පැන් පානයට හුරුවී තම රැකියාවට නොගොස් විවිධ ස්ථානවල කාලය ගත කොට ඇත. අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ දී ද අධික ලෙස මත්පැන් පානයට හුරුවී පසුව පුනුරුත්ථාපානය කළ අයෙකි.
2025 අගෝස්තු මස 30 වැනි දින මේ පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් තානාපති කාර්යාලයට දැනුම් දුන් පසු ඔහුව නැවත ශ්‍රී ලංකාවට යාමට කැමති කරගන්න මෙන් ඔවුනට දැනුම් දුන්නේය. අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවට යාමට ඇති අකමැත්ත ප්‍රකාශ කොට තිබුණි. එමෙන්ම ඔහුට නැවත යාමට අවශ්‍ය ටිකට පත ලබා දෙන ලෙසත් දන්වුවෙමි.
මෙසේ තිබිය දී 2025 සැප්තැම්බර් මස 5 වැනි දින ඔහු ජෙරුසෙලම් ප්‍රදේශයේ සිටින බව ආරංචි වූ පසු ඊශ්‍රායල් පොලිසියට දන්වා ඔහු පොලිස් භාරකාරීත්වය යටතේ SHAARE ZEDEK MEDICAL CENTER වෙත ඇතුළත් කළේ ඔහුගේ ශාරීරික තත්ත්වය යහපත් නොවූ හෙයිනි. අනතුරුව ඔහු ඊශ්රායිල් ආගමන නිලධරීන්ට භාර දීමට බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලදී. එහෙත් එදින රාත්‍රියේ එම රෝහලෙන් පන ගොස් තිබුණි. අනතුරුව 2025 සැප්තැම්බර් මස 9 වැනි දින ඔහු නැවතී සිටි ස්ථානයට පැමිණ නව ස්ථානයක රැකියාවකට යන බව පවසා තිබේ.”
ඔහුව දැන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙන ගොස් ඊට අනනතුරුව ඊශ්‍රායල් ආගමන නිලධාරීන් වෙත භාරදීමට නියමිත බවද බණ්ඩාර පවසයි. මෙම පුද්ගලයා පිළිබඳව තානාපති කාර්යාලය කිසි කාලයක් තුළ දැනගෙන සිට ඔහුට උදව් කර ඇත. ඊට අමතරව, මෙසේ අදාළ තානාපති කාර්යාල සහ නිලධාරීන් සැප්තැම්බර් 17–18 වන දිනවල ඔහු පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගත්තාට පසුවත් මෙම වීඩියෝව වයිරල් වෙමින් පවතින බව අපට පෙනී ගියේ ය.
2. මෙම සටහන ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය ද ඔවුන්ගේ Facebook ගිණුමේ share කර තිබුණි.
3. මෙම වීඩියෝව පළමුවෙන් ම Facebook හි පළ කළ ගිණුම් මේ සම්බන්ධයෙන් පරිශීලකයින් සැප්තැම්බර් 19 දින තවත් යාවත්කාලීන කරමින් reel එකක් පළ කර ඇත. එහි ඔහු සුවයෙන් සිටින බවත් අදාළ කාර්යාල ඔහුට අවශ්‍ය සහාය ලබාදෙමින් සිටින බවත් පළමු වීඩියෝවේ සිටින අයම පවසති.
4. මීට අමතරව මෙම පුද්ගලයා පිළිබඳව දැනට සහතික වශයෙන්ම දන්නා තොරතුරු ප්‍රධාන මාධ්‍ය ජාලාවල ද පළ කර ඇත.
ශ්‍රී ලංකාවෙන් මැද පෙරදිග රැකියාවලට යන අයගෙන් මෑතක සිට බොහෝ දෙනෙක් ඊශ්‍රායලයට යති. ඊශ්‍රායලයේ දැනට සිටින ලාංකික තරුණයෙක්ගේ දුෂ්කර තත්ත්වය ගැන ඔහුගේ නෑදා හිතමිතුරන්ට දැන්වීමට ඔහුව ඊශ්‍රායලයේ හමුවූ දෙදෙනෙක් මෙම වීඩියෝව පළ කර ඇත. වීඩියෝව පළ වීමෙන් පසුව, WhatsApp පණිවුඩයක් හරහා වැරදි තොරතුරු සහිතව, තානාපති කාර්යාලය ඔහුට කිසි උදව්වක් නොකළ බව අයෙකු පවසා ඇත. මෙම වීඩියෝව සහ WhatsApp පණිවුඩයේ screenshot එකක් වයිරල් වී ඇත. ඊශ්‍රායලයේ මේ දිනවල උග්‍ර ලෙස පවතින් යුධ තත්ත්වය නිසා මොහු වැනි එම රටේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් ගැන අවබෝධයෙන් සිටීම අත්‍යවශ්‍ය බව තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, සහ වෙනත් නිලධාරීන් පවසා ඇත.
මෙම වයිරල් වීඩියෝවේ සිටින ඊශ්‍රාලයට රැකියාවක් සඳහා ගොස් අතරමංව සිටින ලාංකිකයා පිළිබඳව වයිරල් වී ඇති තොරතුරු නොමගයවන සුළුයි. ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ඔහු පිළිබඳව කිසි කාලයක් තුළ දැනගෙන සිට ඇති අතර ඔවුන් ඔහුට මීට පෙර සහ මේ වීඩියෝවට සම්බන්ධ අවස්ථාවෙදී ද ඔහුට අවශ්‍ය උපකාර දී ඇති බව පැහැදිලි ය.
FAQs
Q1. මේ වීඩියෝව කොහේදී ගන්නා ලද්දක්ද?
ඊශ්‍රායලයේ නාතානියා ප්‍රදේශයේ
Q2. මේ වීඩියෝවේ පෙන්වන පුද්ගලයා කවුද?
දැනට මේ පුද්ගලයා ගැන ඇති තොරතුරු ඔහු ලාංකිකයෙක් වන බවත්, මොණරාගල ප්‍රදේශයෙන් බවත් ය. ඊශ්‍රායල තානාපති කාර්යාලයේ දැනුම් දීමකට අනුව ඔහු ගැන තවත් පුද්ගලික තොරතුරු සහතික වශයෙන් කිව නොහැක. තව ද, තානාපති කාර්යාලය මෙම පුද්ගලික තොරතුරු සහ ඔහුගේ මුහුණ මාධ්‍යවල පළ කිරීමෙන් වැළකින ලෙස ඉල්ලා ඇත.
Q3. මේ පුද්ගලයා මෙතරම් දුෂ්කර සහ අසනීප බවකින් සිටින්නේ ඇයි?
තානාපති කාර්යාලයට අනුව ඔහු මත්පැන් වලට ඇබ්බැහි වී සිටින අයෙකි. මේ නිසා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇත.
Q4. මේ වීඩියෝවේ ඉන්න පුද්ගලයා ගැන මෙම වීඩියෝව වයිරල් වීමට පෙර තානාපති කාර්යාලය දැන සිට ඔහුට සහය දක්වා තිබේ ද?
ඔව්
Our Sources
ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ තානාපති නිමල් බණ්ඩාරගේ Facebook ගිණුමේ සටහනක්, 2025 සැප්තැම්බර් 18
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාල Facebook ගිණුමේ සටහනක්, 2025 සැප්තැම්බර් 18
කැකිරාව නිවුස් Facebook ගිණුමේ සටහනක්, 2025 සැප්තැම්බර් 18
‘Reports about stranded worker in Israel: Embassy clarifies’, Daily Mirror, 2025 සැප්තැම්බර් 18