Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
රුපියල් 77,000 ක ආයෝජනයකින් ඉහළ ප්රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙන ආයෝජන වේදිකාවක් කුමාර් සංගක්කාර ප්‍රවර්ධනය කරන අයුරු වීඩියෝවක දැක්වේ.
වීඩියෝව ව්‍යාජ එකකි. මුල් දර්ශන AI සහ deepfake තාක්ෂණය යොදාගෙන වෙනස් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් ස්වයංක්‍රීය වේදිකාවක් හරහා ශ්‍රී ලාංකිකයින්ට විශාල ලාභයක් ඉපැයීමට ඉඩ සලසන ආයෝජන අවස්ථාවක් ප්‍රවර්ධනය කරන ආකාරය දැක්වෙන විනාඩි 2 යි තත්පර 7 ක වීඩියෝවක් Facebook හි සංසරණය වෙමින් පවතී.
Ceylon National Report Facebook පිටුවේ බෙදාගෙන ඇති වීඩියෝවේ, “කුමාර් සංගක්කාර ශ්‍රී ලාංකිකයන් සඳහා ව්‍යුහගත ආදායම් විවෘත කරයි – රුපියල් 77,000 කින් ආරම්භ කරන සෑම පුරවැසියෙකුටම රුපියල් 004004 ක් ලැබෙනු ඇත” යන ශීර්ෂ පාඨය ඇත.

කුඩා ආරම්භක ආයෝජනයක් හරහා පරිශීලකයින්ට රුපියල් මිලියන ගණනක් ඉපැයීමට ඉඩ සලසන AI වලින් ක්‍රියාත්මක වන ආයෝජන වේදිකාවක් කුමාර් සංගක්කාරගේ රුව සහ හඬ වීඩියෝව ප්‍රවර්ධනය කරයි. සහතික කළ ලාභ, සීමිත ප්‍රවේශය සහ මූල්‍ය සාර්ථකත්වයේ පොරොන්දු වැනි ආයෝජන සම්බන්ධ ප්‍රකාශ වීඩියෝවේ ඇතුළත් වේ. මෙම ප්‍රකාශ මෙම වීඩියෝවේ අන්තර්ගතයේ සත්‍යතාව සත්‍යාපනය කිරීමට අපව පොළඹවන ලදී.
අපි “කුමාර් සංගක්කාර ආයෝජන වේදිකාව” සහ අදාළ keyword search (මූල පද සෙවීමක්) සිදු කළෙමු. එවැනි ආයෝජන අවස්ථාවක් සංගක්කාර විසින් දියත් කර හෝ අනුමත කර ඇති බවට තහවුරු කරන විශ්වාසදායක පුවත් වාර්තා හෝ නිල නිවේදන කිසිවක් අපට හමුවූයේ නැත.
වයිරල් වීඩියෝවේ සංගක්කාරගේ තොල් චලනය අස්වාභාවික බවත්, කථාව සමඟ නිසි ලෙස සමමුහුර්ත වී නොමැති බවත් අපි නිරීක්ෂණය කළෙමු. මෙම නොගැලපීම් වීඩියෝ පටය ඩිජිටල් ලෙස හසුරුවා තිබේද නැතහොත් AI/කෘතිම බුද්ධිය භාවිතයෙන් ජනනය කර තිබේද යන්න පිළිබඳව සැක මතු විය.
මුල් දර්ශන
අපි වයිරල්වීඩියෝවෙන් යතුරු රාමු වල ප්‍රතිලෝම රූප සෙවීමක් සිදු කළ අතර, එය රාජස්ථාන් රෝයල්ස් හි නිල YouTube නාලිකාවේ උඩුගත කළ මුල් දර්ශන වෙත අප ව රැගෙන ගියේය.
“The Emotions of 2025. The Mantra for 2026. | ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර කතා කරයි | Rajasthan Royals” යන මාතෘකාවෙන් යුත් මුල් වීඩියෝව, 2025 නොවැම්බර් 17 වන දින රාජස්ථාන් රෝයල්ස් නිල YouTube නාලිකාව විසින් උඩුගත කරන ලද්දකි.
මුල් දර්ශනවල දැක්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර 2025 වාරය සහ 2026 සඳහා ඔහුගේ දැක්ම ගැන කතා කරන බවයි. මුල් වීඩියෝවේ කිසිම අවස්ථාවක සංගක්කාර කිසිදු ආයෝජන වේදිකාවක්, මූල්‍ය ක්‍රමයක්, ස්වයංක්‍රීය වෙළඳ පද්ධතියක් හෝ සහතික කළ ප්රතිලාභ ගැන සඳහන් කර නැත.
සංගක්කාර ආයෝජන අවස්ථාවක් ප්‍රවර්ධනය කිරීමක් ලෙස ව්‍යාජ ලෙස නිරූපණය කිරීම සඳහා මුල් හඬපටය වෙනුවට ගොතන ලද හඬපටයක් යොදා වයිරල් වීඩියෝව ඩිජිටල් ක්‍රම මගින් වෙනස් කර ඇති බව මෙයින් තහවුරු වේ.
වීඩියෝව Deepfake වන සලකුණු
අපි පසුව Resemble AI හි Deepfake Detector එක භාවිතයෙන් වයිරල් වීඩියෝවේ ශ්‍රව්‍ය විශ්ලේෂණය කළ අතර, එම හඬ “ව්‍යාජ” ලෙස හඳුනාගත්තෙමු. ප්‍රතිඵලය පෙන්නුම් කරන්නේ ශ්‍රව්‍ය සංගක්කාරගේ මුල් කටහඬට වඩා AI තාක්ෂණය භාවිතයෙන් කෘත්‍රිමව ජනනය කර හෝ හසුරුවා ඇති බවයි.

අපි Hiya Deepfake Detector වෙතින් උපුටා ගත් ශ්‍රව්‍ය කොටස් කිහිපයක් ද විශ්ලේෂණය කර අතර, ඒවා “deepfake විය හැකි” බව සොයා ගත්තෙමු.


වංචා (Scam) දර්ශක
සබැඳි ආයෝජන වංචාවන් සමඟ පොදුවේ සම්බන්ධිත අනතුරු ඇඟවීමේ සංඥා වීඩියෝවේ අඩංගු වේ.
හඬපටය මෙම ප්‍රකාශ දක්වයි:
වීඩියෝව පරිශීලකයන් පීඩනයට පත් කරන උපක්‍රම ද භාවිතා කරයි:
සහතික කළ ලාභ, යථාර්ථවාදී නොවන ප්රතිලාභ, සහ හදිසි උපක්‍රම පිළිබඳ එවැනි පොරොන්දු පරිශීලකයින්ගේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු රැස් කිරීමට සැලසුම් කර ඇති වංචනික ආයෝජන යෝජනා ක්‍රමවල බහුලව භාවිතා වේ.
කුමාර් සංගක්කාර ඉහළ ප්රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වෙමින් ආයෝජන වේදිකාවක් ප්‍රවර්ධනය කරන වයිරල් වීඩියෝව AI විසින් නිර්මාණය කරන ලද්දකි. මුල් දර්ශන 2025 නොවැම්බර් 17 වන දින උඩුගත කරන ලද රාජස්ථාන් රෝයල්ස් සම්මුඛ සාකච්ඡාවකින් ලබා ගන්නා ලදී.
FAQs
Q1. කුමාර් සංගක්කාර ඉහළ ප්රතිලාභ ලබා දෙන ආයෝජන වේදිකාවක් ප්‍රවර්ධනය කළේද?
නැත, වීඩියෝව ව්‍යාජ ය. සංගක්කාර එවැනි කිසිදු ආයෝජන ක්‍රමයක් අනුමත කර නැත.
Q2. Deepfake එකේ භාවිතා කර ඇති මුල් වීඩියෝව කුමක්ද?
මුල් දර්ශන 2025 නොවැම්බර් 17 දින උඩුගත කරන ලද “The Emotions of 2025. The Mantra for 2026. | ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර කතා කරයි | Rajasthan Royals” යන මාතෘකාවෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් වීඩියෝවකි.
Q3. වීඩියෝව deepfake එකක් බව අපි දන්නේ කෙසේද?
Reverse image (ප්‍රතිලෝම රූප) සත්‍යාපනය මඟින් ආයෝජන සම්බන්ධ ප්‍රකාශ කිසිවක් අඩංගු නොවන මුල් දර්ශන හඳුනාගෙන ඇත. මීට අමතරව, ResembleAI හි Deepfake Detector සහ Hiya Deepfake Detector මෙය ව්‍යාජ ශ්‍රව්‍ය කොටස් ඇති වීඩියෝවක් බව හඳුනාගෙන ඇත.
Q4. මෙය ආයෝජන වංචාවක් බව පෙන්වන සංඥා මොනවාද?
වීඩියෝව යථාර්ථවාදී නොවන ලාභ පොරොන්දු කරයි, ප්රතිලාභ සහතික කරයි, විකුණුම් ලක්ෂ්‍යයක් ලෙස AI/ කෘතිම බුද්ධිය භාවිතා කරයි, සහ සීමිත ප්රවේශයකට හිමිකම් කියමින් හදිසි අවශ්‍යතා ඇති කරයි. මේවා වංචනික ආයෝජන යෝජනා ක්‍රමවල භාවිතා කරන පොදු උපක්‍රම වේ.
Our Sources
රාජස්ථාන් රෝයල්ස් නිල YouTube නාලිකාවේ පළ කරන ලද වීඩියෝව, 2025 නොවැම්බර් 17
ResembleAI Deepfake Detector
Hiya Deepfake Detector