Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

ගංවතුරෙන් අනතුරට පත්වූ අයට උදවු කිරීමට ගොස් සිටියදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ගුවන් නියමුවා නිර්මාල් සියඹලාපිටිය පෙන්වන TikTok වීඩියෝ
මෙම වීඩියෝ අසත්‍ය වේ. ඒවා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇත.
දිත්වා සුළි කුණාටුව නිසා ආපදාවට ලක්වුණු අයට සහය දැක්වීමට ගුවන් හමුදාව ගුවන් නියමුවන් හෙලිකොප්ටර් සමඟ රටේ විවිධ පළාත්වලට යවන ලදී. වෙන්නප්පුව – ලුණුවිල පාලම අසලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය හදිසි ගොඩබස්වීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ අනපේක්ෂිත මරණය අන් අයට ආපදාවකදී උදවු කරමින් සිටියදී වීම නිසා ඔහු මේ දිනවල සමාජ මාධ්‍යවල කතාවට ලක්වෙමින් ඇත.
ඔහුගේ රූපය සමඟ වීඩියෝ මේ දිනවල TikTok හි වයිරල් වී ඇත. මෙම වීඩියෝ අසත්‍ය බව Newschecker අපට අනාවරණය විය.
මෙම පළමුවෙනි වීඩියෝවේ සියඹලාපිටිය හෙලිකොප්ටර් යානයකට නගින අයුරු/නැගී සිටින අයුරු දැක්වේ. TikToks මෙතැනින් සහ මෙතැනින් දැකිය හැක.


මේ වීඩියෝවේ keyframes දෙස බලද්දී අපට සියඹලාපිටියගේ ඉරියව් සහ චලනයේ ඇති කෘත්‍රිම බව පිලිබඳ සැකයක් ඇති විය. මේ නිසා අපි මේ keyframes කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන නිර්මාණය කරන ලද ඒවාද යන්න සොයා බැලුවෙමු.


2. සියඹලාපිටියගේ තවත් විස්තර සොයාගැනීමේ අරමුණෙන් ඔහුගේ Facebook ගිණුම පරීක්ෂා කිරීමේදී අපට මේ AI වීඩියෝවලට වෙනස් පින්තූරයක් නොවැම්බර් 29 වෙනිදා ඔහු විසින් පළ කර ඇති බව අනාවරණය විය. මේ ඡායාරුපය AI යොදාගෙන වෙනස් කර ඇති බව අපට පෙනී ගියේ ය.

මෙම දෙවැනි වීඩියෝවේ සියඹලාපිටිය හෙලිකොප්ටර් යානයෙන් බැස එන අයුරු දැක්වේ.
මේ වීඩියෝවේ keyframes දෙස බලද්දී අපට සියඹලාපිටියගේ ඉරියව් සහ චලනයේ ඇති කෘත්‍රිම බව පිලිබඳ සැකයක් ඇති විය.

තව ද, ඔහු මිය ගියේ හෙලිකොප්ටරය ඇතුළත මිසක් එයින් බැස එන අතරතුර නොවේ. මේ නිසා අපි මේ keyframes කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන නිර්මාණය කරන ලද ඒවාද යන්න සොයා බැලුවෙමු.
WasItAI දැක්වූයේ මෙහි බොහෝ කොටස් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි. SightEngine දැක්වූයේ මෙය 95%ක් AI යොදාගෙන නිර්මාණය කර ඇති බවයි.


නොවැම්බර් 28, 29, 30 යන දිනවලදී ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වුණු අයට සහන ලබාදීමට සහ ඔවුන්ව හිංසාකාරී ස්ථානවලින් ඉවත් කිරීමට හෙලිකොප්ටර් සහ වෙනත් පහසුකම් සහිතව ත්‍රිවිධ හමුදාව සම්බන්ධ විය. සියඹලාපිටිය ගුවන් හමුදාව හරහා මෙම අවස්ථාවට සම්බන්ධ වූ අතර නොවැම්බර් 30 දින ඔහු හෙලිකොප්ටරයේ හදිසි ගොඩබස්වීමකදී මිය ගියේ ය.
ගංවතුරෙන් අනතුරට පත්වූ අයට උදවු කිරීමට ගොස් සිටියදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ගුවන් නියමුවා නිර්මාල් සියඹලාපිටිය පෙන්වන TikTok සටහන් අසත්‍ය වේ. ඒවා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence/AI) යොදා ගෙන නිර්මාණය කර ඇත.
FAQs
Q1. නිර්මාල් සියඹලාපිටිය මිය ගියේ කුමක් කරමින් සිටින අතරතුර ද?
වෙන්නප්පුව – ලුණුවිල පාලම අසල දිත්වා සුළි කුණාටුවට මුහුණ දුන් අයට උදව් කරමින් සිටියදී
Q2. ඔහු මිය ගියේ කෙසේද?
ඔහු මිය ගියේ ඔහු සිටි හෙලිකොප්ටරය වෙන්නප්පුව – ලුණුවිල පාලම අසලදී හදිසියේ ගොඩබස්වීමකදී ය.
Q3. මෙම TikTok සටහන් සත්‍ය ඒවා ද?
නැත. ඒවා AI යොදා ගෙන නිර්මාණය කරන ලද අසත්‍ය ඒවා වේ.
Our Sources
WasItAI කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
SightEngine කෘත්‍රිම බුද්ධි නිර්මාණ සොයාගැනීමේ ක්‍රමය
නිර්මාල් සියඹලාපිටියගේ Facebook ගිණුම