Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
නව කැබිනට් දැනුම්දීමකින් හිටපු යුධ හමුදා නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ආරක්ෂක ලේකම් ලෙස නම් කර ඇත.
මෙම වාර්තාව අසත්‍යයකි. ෆොන්සේකාව නව ආරක්ෂක ලේකම් බවට නම්කර නැත.
නව කැබිනට් දැනුම්දීමකින් හිටපු යුධ හමුදා නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ආරක්ෂක ලේකම් ලෙස නම් කර ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පැතිරෙමින් ඇත.
මෙම වාර්තාවේ graphic එක සිංහලෙන් දක්වන්නේ: “මත් රකුසා සහ පාතාලය තුරන් කරන්න සර්. අවුරුදු තුනකින් යුද්ධය අවසන් කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ලේකම් තනතුර දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය. පහුගිය දවස්වල වෙඩි තියාගත්ත පාතාල අයියල පුදුම වෙන්නයි යන්නේ…”
Newschecker අපට මෙම වාර්තාව Facebook හි මෙතනින් සහ මෙතනින් දක්නට ලැබුණි.
Newschecker අපි මෙහි සත්‍ය/අසත්‍ය බව සොයාබැලීමට තීරණය කළෙමු.
අපි පළමුවෙන්ම ෆොන්සේකාගේ සමාජ මාධ්‍ය ගිණුම් බැලූ අතර අපට දක්නට ලැබුණේ ඔහු මේ පිළිබඳව කිසිදු දැනුම්දීමක් නොකර ඇති බවයි.
මීළඟට අපි කැබිනට් දැනුම්දීම් සහ අනුමැති නොතකා පළ කරන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු. එහි මීට අදාළ කිසි දැනුම්දීමක් අපට සොයා ගත නොහැකි විය.
අපි ඊට පසු ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ද පරීක්ෂා කළෙමු. එහි දක්නට ලැබුනේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස 2024 සැප්තැම්බර් මාසයේ සිට කටයුතු කරන්නේ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත බවයි. 2025 ජූනි මස 5 වන දින ද තුයකොන්ත ඔහුගේ විෂය භාර කටයුත්තක් සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේශ් කුමාර් සිං හමු විය.
මෙම වාර්තාවේ වැරදි නිවැරදි බව තව දුරටත් පරීක්ෂා කිරීම සඳහා අපි ආරක්ෂක අමාත්‍යංශය සමඟ සම්බන්ධ වූ අතර එහි මාධ්‍ය කේන්ද්‍රය අපට පැවසුවේ ආරක්ෂක ලේකම් තනතුරේ කිසිදු වෙනසක් නොවී ඇති බවයි.
නව කැබිනට් දැනුම්දීමකින් හිටපු යුධ හමුදා නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාව ආරක්ෂක ලේකම් ලෙස නම් කර නැත.
අපේ මූලාශ්‍ර
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය
ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රය