Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
2025 චෙම්මනි සමූහ මිනීවළ කැණීමේදී සොයා ගන්නා ලද දරුවෙකුගේ සහ ඔහුගේ අස්ථි කොටස්වල රූප
දරුවාගේ සහ ඔහුගේ අස්ථි කොටස්වල වයිරල් රූප AI වලින් ජනනය කර ඇත. කැණීම් වලදී දරුවෙකුගේ අස්ථි කොටස් සහ නිල් පැහැති බෑගයක් හමු වී ඇතත්, දරුවාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැත.
යාපනයේ චෙම්මනි-සින්තුපති සමූහ මිනීවළේ කැණීම් කටයුතු අතර දිනපතාම පාහේ කැණීම්කරුවන් විසින් මිනිස් දේහයන් සොයා ගනිමින් සිටී. මෙම කැණීම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ අධිකරණමය නොවන, නීති විරෝධී ඝාතන පිළිබඳ දිගුකාලීන චෝදනා කෙරෙහි කාලයකට පසු අවධානය යොමු කරයි.
මේ අතර, ඡායාරූප දෙකක් යොදා කොලාජ් එකක් සහිත Facebook සටහනක් වයිරල් වෙමින් පවතී. එක රූපයක් නිල් සහ සුදු පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුවෙකු නිල් බෑගයක් පැළඳ සිටින ආකාරය සහ අනෙක චෙම්මනි සමූහ මිනීවළෙන් කැණීම් කරන ලද ඇටසැකිල්ලක් හා සමාන පෙනුමක් ඇති නිල් බෑගයක් සමඟ පෙන්වයි. දෙමළ භාෂාවෙන් ශීර්ෂ පාඨය මෙසේය: “ඔවුන් විසින් මරා දමා වළලනු ලැබූ මෙම පිරිමි ළමයා ඔහුගේ ලා නිල් පැහැති පාසල් බෑගය රැගෙන පාසලට යමින් සිටියේය. පුද්ගලික බඩු බාහිරාදිය ඒවායේ නියම හිමිකරුවන් සමඟ භූමදාන කිරීම හොඳ පුරුද්දක්ද? මෑතකදී චෙම්මනි සමූහ මිනීවළෙන් කැණීම් කරන ලද දරුවෙකුගේ ඇටසැකිල්ලක්.”
අපට තවත් සමාන වාර්තා YouTube, TikTok, X, Facebook හි මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් දක්නට ලැබුණි.
චෙම්මනි සමූහ මිනී වළ උතුරු ශ්‍රී ලංකාවේ සුසාන භූමි මාලාවක් වන අතර එය රටේ සිවිල් යුද්ධයට සම්බන්ධ බලහත්දිකාර අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන පිළිබඳ චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අවධානය ට ලක්වී ඇත.
1998 දී දෙමළ පාසල් සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකට සොල්දාදුවෙකු මුහුණ දුන්නේ ය. මෙම සොල්දාදුවා 1995 සහ 1996 දී යාපනය අර්ධද්වීපයෙන් අතුරුදහන් වූ සිය ගණනක් පුද්ගලයින් මරා දමා චෙම්මනි අසල සමූහ මිනී වළවල්වල වළලනු ලැබූ බව නඩු විභාගය අතරමැද ප්‍රකාශ කළ විට මෙම ස්ථානය ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත්විය.
යාපනයේ චෙම්මනි-සිඳුබාති සුසාන භූමියේ දැන් සිදුවන කැණීම අදියර දෙකකින් සිදු වෙමින් පවතී. ජුනි 7 වන දින අවසන් වූ දින 10 ක පරීක්ෂණ කැණීමකින් ඇටසැකිලි 19 ක් සොයා ගන්නා ලදී. 2025 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ඉඩම් පිරිසිදු කරමින් සිටියදී කම්කරුවන් විසින් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසු අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී. ඊට පසු මෙම කැණීමේ පළමුවන අදියර ආරම්භ කරන ලදී.
දෙවන අදියර ලෙස දින 45 ක කැණීමක්, 2025 ජුනි 26 වන දින ආරම්භ විය. මෙම අදියරේ සිව්වන දිනයේදී, අධිකරණ වෛද්‍ය පරීක්ෂකයින් විසින් ඇඳුම් කොටස්, කුඩා වීදුරු වළලු, සහ ඉංග්‍රීසි අකුරු සහිත නිල් පැහැති බෑගයක් ආසන්න වශයෙන් අඩි තුනක් දිග අස්ථි කොටස් අසලින් සොයා ගන්නා ලදී.
සමාජ මාධ්‍යවල සංසරණය වන වයිරල් රූප සත්‍යද යන්න තහවුරු කර ගැනීම සඳහා, අපි මූල පද සෙවීමක් (keyword search) සිදු කළෙමු. ඒ හරහා අපි උතුරු පළාතේ ගැටළු සහ මෙම කැණීම් ස්ථානය පිළිබඳව යාවත්කාලීන තොරතුරු නිරන්තරයෙන් ආවරණය කරන මාධ්‍යවේදියෙකු වන කුමනන් කානා විසින් කැණීම් ස්ථානයේදී ගන්නා ලද මුල් රූප සොයා ගත්තෙමු. Daily Mirror, NewsWire, සහ The Island වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම කාරණය පිළිබඳ වාර්තාවල භාවිතා කරන ලද රූප ද අපට හමු විය.
“2025.06.29 වන ඉරිදා දෙවන අදියරේ කැණීම්වල සිව්වන දිනයේදී, අධිකරණ වෛද්‍ය පරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලද අස්ථි කොටසක් අසල ඇඳුම්, කුඩා වීදුරු වළලු සහ ඉංග්‍රීසි අකුරු සහිත නිල් පැහැති රෙදි බෑගයක් සොයා ගන්නා ලද අතර, එය ආසන්න වශයෙන් අඩි තුනක් දිග විය. මූලික වාර්තාවලින් පෙනී යන්නේ බෑගය ගැටුම් සමයේදී උතුරු හා නැගෙනහිර පාසල් දරුවන්ට රාජ්‍ය නොවන සංවිධාන විසින් මානුෂීය ආධාර ලෙස බෙදා දුන් පාසල් බෑග්වලට සමාන බවයි. මෙම සොයාගැනීම හේතුවෙන් සමහර දේහයන් ළමයින්ට අයත් විය හැකි බවට මහජනයා අතර කනස්සල්ලක් මතු වී තිබේ,” යනුවෙන් 2025 ජුනි 30 වන දින ප්‍රකාශ කරන ලද Daily Mirror වාර්තාවක් පවසයි.
එහෙත්, කිසිදු වාර්තාවක් ඇටසැකිල්ලේ අනන්‍යතාවය තහවුරු කර නොමැති අතර, දේහය කාගේද යන්න අනාවරණය කර නොමැත.
පසුව අපි වයිරල් රූපය සමීපව විශ්ලේෂණය කර කැණීම් ඡායාරූපවල මුල් ඡායාරූප සමඟ සංසන්දනය කළෙමු. වයිරල් රූපයේ දරුවා සහ ඇටසැකිල්ල දෙකේම අසාමාන්‍ය ලෙස බොඳ සහ අස්වාභාවික ලක්ෂණ අපි දුටුවෙමු. මේ නිසා රූපය AI විසින් ජනනය කරන ලද්දක් බව ද යන්න සොයා බැලීමට Hive Moderation සහ WasItAI වැනි AI හඳුනාගැනීමේ මෙවලම් භාවිතයෙන් අපි රූපය විශ්ලේෂණය කළෙමු.
ඊට අමතරව, චෙම්මනි සමූහ මිනීවළ නඩුවේ වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රනිතා ඥානරාජා, එම ස්ථානයට අදාළ මිනිස් අවශේෂවල රූප වෙනස් කිරීම සඳහා AI භාවිතා කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත. අපරාධ විමර්ශනයට බාධා විය හැකි ආකාරයෙන් සැබෑ රූප edit කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවත්, අදාළ වගකිවයුත්තන්ට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බවත් ඇය පැවසුවා ය.
චෙම්මනි සමූහ මිනීවළෙන් සොයාගත් පාසල් සිසුවෙකු සහ ඔහුගේ දේහය පෙන්වන බව පවසන සමාජ මාධ්‍යවල සංසරණය වන රූපය කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද්දකි. දේහය අයත් දරුවාගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැත.
Our Sources
HIVE Moderation
WasItAI
චෙම්මනි සමූහ මිනී වළවල් පිළිබඳ මූලික විමර්ශනය පිළිබඳව Amnesty International විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව, 1999 ජුනි 22.
චෙම්මනි කැණීමේ පළමු අදියර පිළිබඳව Sunday Timesහි ප්‍රකාශයට පත් කරන ලද ප්රවෘත්ති වාර්තාව, 2025 ජුනි 15.
චෙම්මනි කැණීමේ ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද Daily Mirror හි ප්රවෘත්ති වාර්තාව, 2025 ජුනි 30.
චෙම්මනි කැණීමේ ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද News Wire හි ප්රවෘත්ති වාර්තාව, 2025 ජුනි 30.
චෙම්මනි කැණීමේ අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද The Island හි ප්රවෘත්ති වාර්තාව, 2025 ජූලි 1.
චෙම්මනි කැණීම් භූමියේදී ගන්නා ලද මුල් රූප ඇතුළත් මාධ්‍යවේදී කුමනන් කානා විසින් පළ කරන ලද Facebook සටහන, 2025 ජුනි 29.