Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ඡායාරුපයක් සමඟ "ඉල්ලා අස්වෙන්න, කාදිනල් හිමි ජනපතිගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලයි" යනුවෙන් පවසන අද දෙරණ සිංහල ලාංඡනය සහිත සටහනක්
මෙම සටහන නොමඟ යවන සුළුය. 2022 ජූලි 5 වන දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, ඒ දිනවල දුෂ්කර ආර්ථීක තත්ත්වය සහ අරගලය පිළිබඳ වගකීම භාරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයෙන් ඉවත් වන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ ය. මෙම සටහන ඒ දිනවල පළවූ එකක් වන අතර වර්තමාන (2025) රජය ගැන කාදිනල් තුමා කරන ලද ප්‍රකාශයක් නොවේ.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ඡායාරුපයක් සමඟ “ඉල්ලා අස්වෙන්න, කාදිනල් හිමි ජනපතිගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලයි” යනුවෙන් පවසන අද දෙරණ සිංහල ලාංඡනය සහිත සටහනක් මේ දිනවල TikTok හරහා වයිරල් වෙමින් පවතී.



මෙම සටහන Facebook සහ Threads හරහා ද සංසරණය වෙමින් පවතී.
මෙම සටහන නොමඟ යවන සුළු බව Newschecker අපට අනාවරණය විය.
2. ලංකාවේ වෙනත් විශ්වාසවන්ත මාධ්‍ය ජාලාවලද මේ පිළිබඳව වාර්තා විය.
3. ජාත්‍යන්තරයේ ක්‍රිස්තියානි ආගමට අදාළ ප්රවෘත්ති වාර්තා කරන Vatican News මාධ්‍ය ජාලය ද කාදිනල් තුමා 2022 දී රාජපක්ෂ ආණ්ඩුව ගැන සිදු කළ මෙම ප්‍රකාශය පළ කළහ.
2025 ඔක්තෝම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනපති යටතේ ඇති NPP ආණ්ඩුව එක වසරක් සම්පූර්ණ කිරීමත් සමඟ මේ දිනවල බොහෝ දෙනා ඔවුන්ගේ ක්‍රියා පටිපාටි පිළිබඳව සමාජ මාධ්‍යවල අදහස් බෙදා ගනිමින් සිටිති. මේ කාලයේ ලංකාවේ කතෝලික අගරදගුරු මැල්කම් රංජිත් හිමි මෙම ආණ්ඩුව ගැන සිතන දේ ගැන බොහෝ දෙනා විවිධ දේ වාර්තා කර ඇත. මේ නිසා සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු පළ වීමට ඇති සම්භාවිතාව වැඩිය.
අද දෙරණ සිංහල ලාංඡනය සහිත කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිගේ ඡායාරුපයක් සමඟ “ඉල්ලා අස්වෙන්න, කාදිනල් හිමි ජනපතිගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලයි” යනුවෙන් පවසන සටහන නොමඟ යවන සුළුය. 2022 ජූලි 5 වන දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, 2022 පැවැති දුෂ්කර ආර්ථීක සහ අරගල තත්ත්වය පිළිබඳ වගකීම භාරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය ඉවත් වන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ ය. මෙම සටහන ඒ දිනවල පළවූ එකක් වන අතර වර්තමාන (2025) රජය ගැන කාදිනල් තුමා කරන ලද ප්‍රකාශයක් නොවේ.
FAQs
Q1. කාදිනල් තුමාගේ මෙම වයිරල් ප්‍රකාශය කවුරු පිළිබඳව කරන එකක් ද?
කාදිනල් හිමි මෙම ප්‍රකාශය කරන ලද්දේ 2022 රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව ය.
Q2. ජනපති අනුර කුමාර දිසානායක සහ NPP ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස කාදිනල් මැල්කම් රංජිත් හිමි පැවසුවා ද?
නැත.
Q3. කාදිනල් තුමාගේ මෙම වයිරල් ප්‍රකාශය ඔහු කවදා කරන ලද එකක් ද?
කාදිනල් තුමා මේ ප්‍රකාශය 2022 දී කළේ ය.
Our Sources
Daily Mirror Online නිල YouTube වීඩියෝව, 2022 ජූලි 22
‘Cardinal calls President and the govt to step down’, Sunday Times Online ප්රවෘත්ති වාර්තාව, 2022 ජූලි 5
‘Cardinal Ranjith reiterates call for Sri Lankan president’s resignation’, Vatican News ප්රවෘත්ති වාර්තාව, 2022 ජූලි 7

Pramodha Weerasekera
November 7, 2025
Pramodha Weerasekera
October 27, 2025

Pramodha Weerasekera
May 13, 2025