Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
97 හැවිරිදි ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ අභ්රාවප්රාප්ත වී ඇත.
අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ නිළිය අභ්රාවප්රාප්ත වී ඇති බව දක්වන වයිරල් සටහන් අසත්‍යයි. ඇගේ පුතා සහ වෙනත් නෑදෑයින් මාධ්‍යට ඇය සුවෙන් සිටින බව දන්වා ඇත.
ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ මිය ගොස් ඇති බව විස්තර කරමින් සහ ඇයට නිවන් සුව පතමින් විශේෂයෙන්ම Facebook හි සමාජ මාධ්‍ය සටහන් වයිරල් වෙමින් පවතී.
මෙවැනි Facebook සටහනක් පහත දැකගත හැක. එය මෙසේ ඉංග්‍රීසියෙන් පවසයි: “රනිල් වික්‍රමසිංහ ඔහුගේ නෑදෑයෙකු වන අයිරාංගනී සේරසිංහ මිය ගොස් ඇති බව දැනගෙන බොහොවට කම්පාවෙනවා ඇති. සිංහල සිනමාවට ඇය ලබාදුන් දායකත්වය රටේ කලාවට සහ සංස්කෘතියට ඉතා වැදගත් ය.”
මීට සමාන සමාජ මාධ්‍ය සටහන් මෙතනින්, මෙතනින්, සහ මෙතනින් දැකගත හැක.
අයිරාංගනී සේරසිංහ 1956 දී සම්පූර්ණයන්ම ලංකාවේ ශූට් කරන ලද චිත්‍රපටය වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ හරහා ප්‍රේක්ෂකයන්ට පළමුවෙන්ම හමුවූ අතර, ඊට පසු දශක හතක් පුරා සම්මානනීය සහ ප්‍රසිද්ධ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන වන ‘දෙලොවක් අතර’ (1966), ‘දඩයම’ (1984), ‘දෙවෙනි ගමන’ (1982), ‘යශෝරාවය’ (1980), ‘දූ දරුවෝ’ (1990–1995), සහ ‘නෑදෑයෝ’ (1996-1997) ඇය ලංකාවේ කලා ක්ෂේත්රයට දාකය වී ඇත. සේරසිංහ ජූනි මාසයේ ඇගේ 97 වැනි උපන්දිනය සැමරූ අතර, එවැනි වයසකදීත් ඇය නීරෝගී සුවයෙන් සිටින බව සමාජ මාධ්‍යවල බොහෝ ලෙස පසුගිය අවුරුදු කිහිපය තුල කථාවට ලක්වෙමින් ඇත.
අයිරාංගනී සේරසිංහ ප්‍රවීණ නිළිය අභ්රාවප්රාප්ත වී ඇති බව දක්වන වයිරල් සටහන් අසත්‍යයි. ඇගේ පුතා සහ වෙනත් නෑදෑයින් මාධ්‍යට ඇය සුවෙන් සිටින බව දන්වා ඇත.
FAQs
Q1. අයිරාංගනී සේරසිංහ යනු කවුද?
අයිරාංගනී සේරසිංහ යනු 1956 සිට ශ්‍රී ලංකාවේ සිංහල සිනමාවේ වැඩ කරමින් සිටින නිළියකි.
Q2. ඇගේ දැන් වයස කීයද?
97
Q3. ඇය නීරෝගී සුවයෙන් සිටින බව මාධ්‍යට තහවුරු කළේ කවුද?
ඇගේ පුතා රංජිත් සේරසිංහ සහ වෙනත් නෑදැයින්
අපේ මූලාශ්‍ර
‘ප්‍රවීණ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මියගිය බවට පැතිර යන පුවතෙහි සත්‍ය කතාව මෙන්න’, Asian Mirror Sinhala, 2025 සැප්තැම්බර් 8
‘”අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා”; අයිරාංගනීගේ පුත්‍රයා සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි’, HiruNews, 2025 සැප්තැම්බර් 8
‘Rumors of Actress Iranganie Serasinghe’s Death Denied by Family’, Daily News Sri Lanka, September 8, 2025