Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

උදය ගම්මන්පිලගේ 2026 මාර්තු 31 වන දින පැවති පොත් එළිදැක්වීමේ ඡායාරූප වල සිටින සජිත් ප්‍රේමදාස ඒවාට AI යොදා ගෙන ඇතුළත් කර ඇත.
ප්‍රකාශය අසත්‍ය වේ. ප්‍රේමදාස ඇත්ත වශයෙන් ම මෙම උත්සවයට සහභාගී වූ බවට සාක්ෂි ඇත.
2019 ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාර පිළිබඳව දේශපාලනඥයෙකු වන උදය ගම්මන්පිල විසින් රචිත ‘Searching for the Mastermind of the Easter Sunday Attacks’ (‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සොයමින්’) කෘතියේ එළිදැක්වීම පසුගිය මාර්තු 31 වන දින කොළඹදී පැවතීය. සමගි ජන බලවේගයේ (SJB) නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහභාගීවීම AI (කෘත්‍රිම බුද්ධිය) යොදාගෙන ඡයාරුපවල දක්වා ඇති බවට SJB මන්ත්‍රී නලින් බණ්ඩාර පවසන වීඩියෝවක් මේ දිනවල වයිරල් වෙමින් පවතී. අපට මෙම වීඩියෝව TikTok හරහා හමු වූ අවස්ථා දෙකක් මෙතනින් සහ මෙතනින්.


බණ්ඩාර වැනි මන්ත්‍රීවරයෙකු විසින් කරන ලද මෙවැනි ප්‍රකාශයක් නිසා ජනතාව නොමඟ යාමට ඇති ඉඩකඩ වැඩි නිසා, මෙම ප්‍රකාශයේ සත්‍යතාව සොයා බැලීමට Newschecker තීරණය කළේය. විමර්ශනය කිරීමෙන් පසු, ප්‍රේමදාස ඇත්ත වශයෙන් ම මෙම උත්සවයට සහභාගී වූ බව අපට පෙනී ගියේය.



2. තවදුරටත් මෙම ඡායාරූප ඇත්ත ද යන්න සොයා බැලීමට අපි ඒවා WasItAI, Image Whisperer, Hive Moderation, SightEngine AI මෙවලම් යොදාගන පරීක්ෂා කළ අතර, ඒවා කිසිවක් AI ලෙස එම මෙවලම් හඳුනා ගත්තේ නොමැත.
1වන ඡායාරුපය:



2වන ඡායාරුපය:



3වන ඡායාරුපය:



3. මීට අමතරව, ප්‍රසිද්ධ මාධ්‍ය ධාරා වන NewsFirst සහ Daily Mirror ද ප්‍රේමදාස මෙම උත්සවයට සහභාගී වූ බව වීඩියෝ සහ ඡායාරුප වලින් පෙන්වයි.
4. තව ද, SJB දේශපාලනඥයෙකු වන මුජිබුර් රහ්මාන් සහ SJB මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය වෙත කතා කරමින් ප්‍රේමදාස උත්සවයට සහභාගී වූ බව තහවුරු කර ඇත. කෙසේ නමුත් ඔවුන් බොහෝ පක්ෂ සාමාජිකයින් ගම්මන්පිලගේ පොතේ අන්තර්ගතයට එකඟ නොවෙන බව ද පවසා ඇත.
ප්‍රතිඵලයක් ලෙස, උදය ගම්මන්පිලගේ 2026 මාර්තු 31 වන දින පැවති පොත් එළිදැක්වීමේ ඡායාරූප වල සිටින සජිත් ප්‍රේමදාස ඒවාට AI යොදා ගෙන ඇතුළත් කර ඇත ප්‍රකාශය අසත්‍ය බවත්, ප්‍රේමදාස ඇත්ත වශයෙන් ම මෙම උත්සවයට සහභාගී වූ බවත් අපට තහවුරු කර ගැනීමට හැකි විය.
දේශපාලනඥයෙකු ලෙස උදය ගම්මන්පිල 2019 පාස්කු ප්‍රහාරය පිලිබඳ තම අදහස් පළ කරමින්, මෙම කෘතියේ කියා සිටින්නේ අවුරුදු කීපයකට පෙර සොයාගත් පරිදි, ප්‍රහාර වලට වග කිව යුත්තේ ජාතික තවුහීත් ජමාත් සංගමයේ සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් බවයි. නමුත්, මේ ප්‍රහාර වලට පසුව සිදු වූ හදිසි ආණ්ඩු පෙරළීම හරහා රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන අයට බලය ලැබීම ගැන වර්තමාන NPP ආණ්ඩුව සහ වෙනත් අය සැක කරති. ඔවුන් ට අනුව මෙම ප්රහාරවලදී හෂීම්මෙට පිටුපස වෙනත් බලවතුන් සිට තිබේ. මේ නිසා මෙවැනි නොවිසඳුණු ප්‍රහාරයක් පිළිබඳව ලියා ඇති කෘතියක එළි දැක්වීමකට ප්‍රේමදාස සහභාගී වීම බොහෝ දෙනාට ප්‍රෙහෙලිකාවක් වී ඇත.
උදය ගම්මන්පිලගේ 2026 මාර්තු 31 වන දින පැවති පොත් එළිදැක්වීමේ ඡායාරූප වල සිටින සජිත් ප්‍රේමදාස ඒවාට AI යොදා ගෙන ඇතුළත් කර ඇත යැයි කියන ප්‍රකාශය අසත්‍ය වේ. ප්‍රේමදාස ඇත්ත වශයෙන් ම මෙම උත්සවයට සහභාගී විය.
FAQs
Q1. නලින් බණ්ඩාර ප්‍රේමදාස ගැන පැවසුවේ කුමක්ද?
උදය ගම්මන්පිලගේ 2026 මාර්තු 31 වන දින පැවති පොත් එළිදැක්වීමේ ඡායාරූප වල සිටින ප්‍රේමදාස ඒවාට AI යොදා ගෙන ඇතුළත් කර ඇති බව
Q2. ගම්මන්පිලගේ උත්සවයේ ප්‍රේමදාසගේ ඇත්ත ඡායාරුප තිබේ ද?
ඔව්.
Q3. එම ඡායාරුප AI යොදාගෙන නිර්මාණය කර හෝ වෙනස් කර තිබේ ද?
නැත.
Our Sources
WasItAI
Hive Moderation
Sight Engine
Image Whisperer
උදය ගම්මන්පිලගේ Facebook පිටුව
‘Gammanpila’s book launch continues to spark outrage: Opposition faces internal rift’, NewsFirst සත්‍යාපිත YouTube නාලිකාව, 2026 අප්‍රේල් 6
‘Let the courts decide who the mastermind is, Daily Mirror, 2026 අප්‍රේල් 9
‘Sajith did attend Gammanpila’s book launch,’ Daily Mirror, 2026 අප්‍රේල් 4
NewsWire Facebook පිටුවේ මුජිබුර් රහමන්ගේ ප්‍රකාශය, 2026 අප්‍රේල් 1