Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: හෝමාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් හය දෙනෙකු බසයක් ළඟ සිටින ඡායාරූපයක්.
කරුණ: වයිරල් ඡායාරූපය AI විසින් ජනනය කරන ලද්දකි.
කොළඹ හෝමාගම ප්‍රදේශයේ දී ඔවුන්ගේ පාසලේ වයස අවුරුදු 15 ක පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරීමේ චෝදනාව මත හෝමාගම පොලිසිය විසින් පාසල් සිසුන් හය දෙනෙකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙයින් පසුව, අදාළ පාසල් සිසුන් හය දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ආකාරය පෙන්වන රූපයක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වෙමින් පවතී.
TikTok හි රූපය සහ විස්තර බෙදා ගනිමින්, පරිශීලකයෙකු සිංහලෙන් සිසුන් හයදෙනාට “කාලකන්නි බල්ලෝ ටික” යනුවෙන් ඇමතීය.
“වයස 15 දැරිය සමූහ දූශනයකට ලක් කල එම වයස් වල සැකකාර සිසුන් 6 දෙනා පරිවාස බාරයට..ඒ පවුල් වල දෙමව්පියන් කොහොම දරාගන්නව ඇත්ද පොඩි එකා වගේ ගෙදර ඉන්න පුතා කෙල්ලෙක් දූශනය කරලා හිරේ යෑම. ඒ ගැණු ළමයට වගේම ඒ දෙමවිපියන්ට,පවුල්වල අයට මොනතරමි සෝ තැවුලක් ඇද්ද.” යනුවෙන් සිංහල සටහනක් සහිතව තවත් අයෙක් මෙම පින්තූරය Facebook හි පළ කර ඇත.
සමහර ප්රවෘත්ති ආයතන සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් Facebook සහ X ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල ඡායාරූපය බෙදා ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කළහ. එවැනි සටහන් මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන සහ මෙතැන දැකිය හැකිය.
ඡායාරූපය සමූහ දූෂණ නඩුවේ සැකකරුවන් පෙන්වන රූපයක් ලෙස විශ්වාස කරමින්, ඔවුන්ට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම සටහන් යටතේ අදහස් පළ කර ඇත.
වයිරල් රූපය පරීක්ෂා කිරීමේදී, අංග කිහිපයක් පිළිබඳව Newschecker අපට සැකයක් ඇති විය. අත්අඩංගුවට ගත් සිසුන් යැයි කියනු ලබන පිරිමි ළමයින් සමාන මුහුණු ලක්ෂණ සහ ශරීර ඉරියව් සහිත අය බව අපට පෙනුණි. සාමාන්‍යයෙන් පිරිමි පාසල් සිසුන් නිල ඇඳුම් සමඟ නොපළඳින කළු පටි ඡායාරූපයේ සිටින සිසුන් පැළඳ සිටියි. සිසුන් හතර දෙනෙකු බස් රථයෙන් ඉවතට යන අතර, අනෙක් දෙදෙනා වාහනයට ඇතුළු වෙයි. ඡායාරූපයේ බොඳ බව සහ ඉහත තොරතුරු AI තාක්ෂණය භාවිතා කිරීම දෙසට අපගේ අවධානය යොමු කළේය.
අපි HIVE Moderation, WasitaI සහ Sightengine වැනි AI රූප පරීක්ෂා කරන ක්‍රම භාවිතයෙන් රූපය පරීක්ෂා කළ අතර, ඒ සියල්ල රූපය නිර්මාණය කිරීමේදී AI තාක්ෂණය භාවිතා කර ඇති බව සනාථ කළේය.
හෝමාගම ප්‍රදේශයේ පාසල් සිසුවියක සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් හය දෙනෙකු බසයක් ළඟ සිටින ඡායාරූපය AI මගින් ජනනය කරන ලද්දකි.
අපගේ මූලාශ්‍ර
HIVE Moderation
WasitAI
SightEngine
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.