Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check
වාර්තාව: 2023 දී වැලිගම W15 හෝටලය පිටත සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහි වරෙන්තුවක් අනුව පොලිසියට භාර වීම නිසා නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සුබ පැතූහ.
කරුණ: මෙම ප්‍රකාශය අසත්‍යයකි. නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එවැනි කිසිදු ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර නොමැත.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව, W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවෘත වරෙන්තුවක් 2025 පෙබරවාරි මාසයේ දී මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළහ. වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තෙන්නකෝන් පොලීසියට සොයා ගත නොහැකි වූ අතර, 2025 මාර්තු 19 වන දින ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර විය.
ඔහු අත්අඩංගුවට ගත් දා සිට, තෙන්නකෝන්ගේ ඡායාරූපයක් සහ සිංහල භාෂාවෙන් ලියන ලද පාඨයක් සහිත ග්‍රැෆික් එකක් වයිරල් වෙමින් පවතී. එහි මෙසේ සඳහන් වේ: “සියවස අභිමුව පියමිනන නාලන්දා මාතාවගේ, මව් තුරුලින් බිහිවූ ප්‍රථම පොලිස්පති අද දින උසාවියට භාර වෙයි. කීර්තිමත් ආදී නාලන්දීය දේශබන්දු තෙන්නකෝන් සොහොයුරාට අපගේ උත්තමාචාරය.” මෙම ප්‍රකාශය තෙන්නකෝන් අධ්‍යාපනය ලැබූ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය නිකුත් කළ බව ග්‍රැෆික් එක දක්වයි.
මෙවැනි තවත් සමාජ මාධ්‍ය සටහන් මෙතනින් සහ මෙතනින්.
නඩුවේ මතභේදාත්මක ස්වභාවය නිසා, මෙම ප්‍රකාශයේ සත්‍යතාව සොයා බැලීමට අපි තීරණය කළෙමු.
W15 හෝටල් වෙඩි තැබීමේ සිද්ධිය
2023 දෙසැම්බර් 31 වන දින කොළඹ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනෙකු ‘හරක් කටා’ සහ ‘මිදිගම රුවන්’ ලෙස හඳුන්වන පාතාල නායකයින් විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයකට අදාළ සෝදිසි කිරීමක් සඳහා W15 හෝටලයට වෑන් රථයකින් ගමන් කරමින් සිටියහ. මෙම ගමනේදී, හෝටල් පරිශ්‍රය තුළ සිට සොල්දාදුවෙකු ඔවුන්ට වෙඩි තැබූ බවත්, එය වඩා විශාල වෙඩි තැබීමේ සිද්ධියකට තුඩු දුන් බවත් CCD පොලිසිය කියා සිටියේය. වෙඩි තැබීම දිගටම සිදුවෙද්දී, වැලිගම පොලිසියේ නියෝග නොතකා CCD වාහනය වේගයෙන් ධාවනය විය. ගලේවෙල පදිංචි සැරයන් උපුල් චමින්ද කුමාර මිය ගිය අතර තවත් නිලධාරියෙකු තුවාල ලැබීය. මෙම සිද්ධිය ගැන තවත් තොරතුරු මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.
විමර්ශනවලින් පසුව, 2025 පෙබරවාරි මාසයේදී, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ සිද්ධියට සම්බන්ධ තෙන්නකෝන් ඇතුළු CCD නිලධාරීන් අට දෙනාම අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කළේය.
තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ කිසියම් පළ කිරීමක් තිබේදැයි බැලීමට අපි මුලින්ම නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමට තීරණය කළෙමු. නමුත් අපට කිසිවක් සොයාගත නොහැකි විය.
2019 දී පොලිස්පති ධුරයට පත්වීම ගැන තෙන්නකෝන් මහතාට සුබ පතමින් පළ කළ සටහනකින් පසුව, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල පිටුවේ තෙන්නකෝන් සම්බන්ධයෙන් කිසිදු පළ කිරීමක් නොමැත.
මාර්තු 21 වන දින දිනමිණ සහ NewsWire ප්රවෘත්ති ආයතන වාර්තා කළේ, නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මෙම ග්‍රැෆික් එක ව්‍යාජ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව ය.
එවැනි සුබපැතුම් සටහනක් ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් පළ කරන ලද්දක් දැයි තහවුරු කර ගැනීම සඳහා, අපි නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා සම්බන්ධ වූ අතර, ඔවුන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ හ. ඔවුන් තෙන්නකෝන්ට ප්‍රසිද්ධියේ සුබ පැතුමක් හෝ ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව අපට තහවුරු කළහ.
නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසියට භාර වීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රසිද්ධියේ සුබ පැතූ බවට වයිරල් වන ප්‍රකාශය අසත්‍යයකි.
අපගේ මූලාශ්‍ර
දිනමිණ පුවත් වාර්තාව, 2025 මාර්තු 21
NewsWire LK පුවත් වාර්තාව, 2025 මාර්තු 21
නාලන්දා විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ Facebook ගිණුම
නාලන්දා විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙක්
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.