Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Fact Check

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ “පොලීසියට ඕඩර් දීලා බුදු පිළිම අයින් කර” ඇති බව පවසන TikTok සටහනක්
මෙම සටහන අසත්‍ය වේ. නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කරන ලද්දේ NPP ආණ්ඩුව විසින් වන අතර, නාමල් රාජපක්ෂ මෙය විවේඡනයට ලක්කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ “පොලීසියට ඕඩර් දීලා බුදු පිළිම අයින් කර” ඇති බව පවසන TikTok එකක් මේ දිනවල සංසරණය වෙමින් පවතී. එය තවදුරටත් මෙසේ කියයි: “[නාමල් රාජපක්ෂ] බුද්ධශාසන අමාත්‍යාංශය කියල එකක් නැත්තට නැති කරලාම දානවා. කිසිම බලයක් නැතිව ඌ තනියෙන් එච්චර දෙයක් කරද්දී ආණ්ඩුව උඩ බලාගෙන ඉන්නවා. ඩෝබියෝ බුකියේ කෙඳිරි ගානවා. වැහි නැති හෙන හතම වදින්න ඕන මුන්ට.”

නොවැම්බර් 16 වන දින, වත්මන් NPP රජය ත්‍රිකුණාමලයේ නීති විරෝධී ලෙස ඉදිකරන ලද බෞද්ධ පිළිමයක් ඉවත් කළේය. TikTok එක මේ සම්බන්ධයෙන් නිර්මාණය කරන ලද එකක් බව අපට පෙනේ.
මෙම TikTok සටහන අසත්‍ය බව Newschecker අපට අනාවරණය විය.
අපි මූල පද සෙවීමක් (keyword search) හරහා නාමල් රාජපක්ෂ මෑතකදී බුදු පිළිමයක් අයින් කිරීමකට සම්බන්ධ වී ඇත් ද යන්න සොයා බැලුවෙමු. මේ සඳහා අපි මේ පද යොදාගත්තෙමු: “නාමල් රාජපක්ෂ”, “බුදු පිළිම”, “පොලීසිය” සහ “බුද්ධශාසන.” මේ සෙවුම හරහා අපිට දක්නට ලැබුණේ රාජපක්ෂ සම්බන්ධ එක් අවස්ථාවක් පමණි. නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලයේ නීති විරෝධීව ඉදි කරන ලද බුදු පිළිමයක් NPP ආණ්ඩුව විසින් ඉවත් කරන ලදී.

නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලයේ නීති විරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින හෝටලයක ඉඩමේ ඇති බුදු පිළිමයක්, පිළිමයේ ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ නියෝග මත පොලිසිය විසින් ඉවත් කර ඇත. ඔහු එය නැවත එම ස්ථානයේ පිහිටුවීමට කටයුතු කරන බවත් පවසා ඇත. මේ බුදු පිළිමය ඉවත් කරන ලද බව දැනගත් විට නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීන් කිහිපදෙනෙකු ඊට විරෝධිව අදහස් පළ කළ හ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ “පොලීසියට ඕඩර් දීලා බුදු පිළිම අයින් කර” ඇති බව පවසන TikTok සටහන අසත්‍ය වේ. නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් ඉවත් කරන ලද්දේ NPP ආණ්ඩුව විසින් වන අතර, නාමල් රාජපක්ෂ මෙය විවේඡනයට ලක්කර ඇත.
FAQs
Q1. TikTok එකට අනුව බුදු පිළිමය ඉවත් කළ ඇත්තේ කවුද?
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අණ ඇතුව පොලීසිය විසින්
Q2. ඇත්ත වශයෙන්ම බුදු පිළිමය ඉවත් කළ ඇත්තේ කවුද?
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ නියෝග මත පොලිසිය විසින්
Q3. නාමල් රාජපක්ෂ මෙම බුදු පිළිමය සම්බන්ධ අවස්ථාවට NPP රජයට සහය දක්වා ඇත් ද?
නැත.
Our Sources
‘ත්‍රිකුණාමලය වෙරළේ පන්සලක් ඉදි කිරීම: ‘කඩා ඉවත් කරන්න ගියේ නීති විරෝධී හෝටලයක්’’, BBC සිංහල, 2025 නොවැම්බර් 18
‘ත්‍රිකුණාමලය රත් කළ බුදුපිළිම සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්’, අද දෙරණ සිංහල, 2025 නොවැම්බර් 18
‘Sajith backs monks in Trincomalee clash, echoing Sinhala-Buddhist claims’, Tamil Guardian, 2025 නොවැම්බර් 17
NewsWire Facebook පිටුවේ වීඩියෝවක්, 2025 නොවැම්බර් 17