Newchecker.in is an independent fact-checking initiative of NC Media Networks Pvt. Ltd. We welcome our readers to send us claims to fact check. If you believe a story or statement deserves a fact check, or an error has been made with a published fact check
Contact Us: [email protected]
Elections
වාර්තාව: ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් වන WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ බව නිවේදනය කර ඇත.
කරුණ: නිවේදනය ගොතන ලද එකක්. WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර නැත.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතනයක් වන WION ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ බවට ප්‍රකාශ කරන TikTok සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතී. ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ පෙළේ පාඨය වන්නේ “ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස” යන්නයි.
සිංහලෙන් ඊළඟ පේළියේ “ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාව කරපු සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය” superimpose කර ඇති අතර ජනාධිපතිවරණ ප්‍රතිඵල යැයි කියනු ලබන WION ප්‍රවෘත්ති විකාශනයක් පෙන්වයි.
TikTok එක කියා සිටින්නේ මෙම අපේක්ෂකයින් මේ පරිදි ප්‍රතිඵල දිනා ඇති බවයි: රනිල් වික්‍රමසිංහ 9.61%, සජිත් ප්‍රේමදාස 49.78%, සහ අනුර කුමාර දිසානායක 31.77%.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම 2024 සැප්තැම්බර් 21 වන දින (TikTok එක පළ කර සති දෙකකට පසුව) පැවැත්වීමට නියමිත බැවින්, සජිත් ප්‍රේමදාස ජයග්‍රාහී අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරන බව කියන මෙම TikTok එක ගැන Newschecker සැලකිලිමත් විය.
Newschecker කණ්ඩායමට මෙම TikTok එක මුලින්ම හමු වූයේ 2024 සැප්තැම්බර් 10 වන දින @renurenu8755 (TikTok එක දැන් මකා ඇත) ගිණුම හරහාය. TikTok එකේ watermark එකේ @gayan.buddhika67 යන TikTok අකවුන්ට් එකේ නමද ඇත.
ප්‍රතිලෝම රූප සෙවීමක් (reverse image search) අපව WION හි නිල යූ ටියුබ් නාලිකාව වෙත ගෙන ගිය අතර එහිදී අපට මුල් වීඩියෝව හමු විය. එය තිර ග්‍රහණයේ ඉහළ සහ පහළ නොමඟ යවන සුළු පෙළ සමඟ සංස්කරණය කර ඇති බව පෙනේ.
එහිදී WION කණ්ඩායම විසින් 2024 අගෝස්තු 28 දින පළ කරන ලද වීඩියෝවක් අපට හමු විය. මෙම මුල් ප්‍රවෘත්ති වාර්තාවේ ප්‍රවෘත්ති නිවේදිකාව TikTok එකට සමාන ඇඳුමින් පසුබිමේ ජනාධිපති අපේක්ෂකයින්ගේ සමාන ෆොටෝ ළඟ සිටියි. නමුත් කිසිදු අංකයක් එම ෆොටෝ මත නැත. ඔවුන් සටනේ සිටින විවිධ අපේක්ෂකයින් ගැන සාකච්ඡා කරන නමුත් ප්‍රතිඵල ගැන සඳහනක් හෝ ප්‍රක්ෂේපණයක් කරන්නේ නැත.
Newschecker ඔවුන්ට ලියූ විට, WION එවැනි ප්‍රවෘත්තියක් ඔවුන් විසින් විකාශනය කළ බව ප්‍රතික්ෂේප කළ අතර, වයිරල් TikTok එක අසත්‍ය බව තහවුරු කළේය.
මේ අනුව අපට පෙනී යන්නේ මෙම TikTok එක කියන පරිදි WION විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළ බව ගොතන ලද පුවතක් බවයි.
අපගේ මූලාශ්‍ර
ස්වයං විශ්ලේෂණය
WION verified YouTube ගිණුම
WION හි කර්තෘ කණ්ඩායම
වාර්තාවක් සත්‍ය බව පරීක්ෂා කිරීමට, අදහසක් ලබා දීමට, හෝ පැමිණිල්ලක් කිරීමට කැමති නම්, 9999499044 ට WhatsApp කරන්න. නැත්නම්, [email protected] හරහා අපට ඊමේල් කරන්න. අපට ලියන්න පිටුවට ගොස් පෝරමය පුරවන්න. තවත් යාවත්කාලීන වීම සඳහා අපගේ WhatsApp නාලිකාවට සම්බන්ධ වෙන්න.